පන්විල නගරයේ අප හට පූජා කරන ලද සොඳුරු බිම් කඩෙහි “ගෝතමචේතිය විවේක සෙනසුන” නමින් කුඩා සඟසතු සෙනසුනක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. මහා සඟරුවන උදෙසා එහි ඉදිවන අඩි 12*15 ප්‍රමාණයේ කුටිය සඳහා පින්වත් ඔබට දායක විය හැක. මහා සඟරුවන උදෙසා කුටියක් තනවා පූජා කිරීමෙන් රැස්වන …. 

අළුතින් ඉදිවන

සඟසතු කුටි සෙනසුන

පන්විල නගරයේ සොඳුරු දොල පහරක් අසල නිහඬ බිම් කඩක ඉදිවන අඩි 12*15 ප්‍රමාණයේ සඟසතු කුටි සේනාසනය සඳහා පින්වත් ඔබට දායක විය හැක.

SecPageImageL2

අන්නදෝ බලදෝ හෝති – වත්ථදෝ හෝති වණ්ණදෝ,
යානදෝ සුඛදෝ හෝති – දීපදෝ හෝති චක්ඛුදෝ
සෝ ච සබ්බදදෝ හෝති – යෝ
දදාති උපස්සයං,
අමතංදදෝ ච සෝ හෝති – යෝ ධම්මමනුසාසතීති.

ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ.

යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද,

හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.

(කිංදද සූත්‍රය – දේවතා සංයුක්තය)

මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල නගරයට නුදුරින් සැදැහැවත් දෙපළක් විසින් අප හට පූජා කරන්නට යෙදුනු සොඳුරු බිම් කඩෙහි "ගෝතමචේතිය විවේක සෙනසුන" නමින් කුඩා සඟසතු සෙනසුනක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. එහිදී අඩි 12*15 ප්‍රමාණයේ සඟසතු කුටිය මහා සංඝරත්නය උදෙසා සඟසතු කොට පූජා කිරීමට බලාපොරොත්තු වෙමු. මහා සඟරුවන උදෙසා කුටියක් තනවා පූජා කිරීමේ මෙම මාහැඟි මහානිසංසදායක පිංකමට පින්වත් ඔබටත් දායක විය හැක.

සඟසතු කුටි සෙනසුන ඉදිකිරීම පිළිබඳ සියළු විස්තර මෙම වෙබ් පිටුව හරහා හා "ගෝතමචේතිය විවේක සෙනසුන" නමින් ඇති ෆේස්බුක් පිටුව හරහා ඉදිරිපත් කරන්නෙමු.

මේ සඳහා ඔබට පූජා කළහැකි ද්‍රව්‍ය

 

  • කළු ගල් 
  • සිමෙන්ති 
  • වැලි 
  • මැටල් ගල්
  • යකඩ කම්බි 
  • බ්ලොක් ගල් 

එසේම සඟ සතු කුටි සෙනසුන සඳහා බරපැන දැරීමෙන් මෙම පුණ්‍ය කටයුත්තට සම්බන්ධ විය හැකිය.

අපගේ බැංකු ගිණුම පිළිබඳ විස්තර දැනගැනීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න. වැඩි විස්තර +94 702 576757 දුරකථන අංකය අමතා දැනගත හැකිය.

ඉදිකිරීමට යෝජිත සඟසතු කුටියේ සැලැස්ම

"ගෝතමචේතිය විවේක සෙනසුන" ෆේස්බුක්‌ පිටුවෙහි පලකර ඇති දැන්වීම

"යතිවරපූජා" ෆේස්බුක්‌ පිටුවෙහි පලකර ඇති දැන්වීම