උතුම් සම්බුදු වදන් කැටිවූ

දහම් ලිපි පෙළ

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය තුලින් ඉදිරිපත් කෙරෙන සදහම් ලිපි පෙළ.

SecPageImageL5

නවතම ලිපි

පසුගිය ලිපි

වාම ශ්‍රී දළඳා වහන්සේ

දෙසම‍්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිං පසාදයම‍්හි වර දෙව විමාන රූපී ලංකා මහී මකුට සීස මණිං විලාසී                                        ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි සෙන්කඩගල දේශයෙහි මනා ලෙස පිහිටා ඇති දෙව් විමනක් බඳු ප්‍රාසාදයෙහි වැඩ සිටින ලංකා මහී කාන්තාවගේ කිරීට මාණික්‍යය වැනි වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි. දන‍්තො කුමාර සහ සුන්‍දර හෙමමාලා ආනෙසු දාඨ මුනිනො ඉධ ජම‍්බුදීපා ලංකාය සීහළ ජනස‍්ස වටංසකො හි ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි දන්ත කුමරුන් සහ සොඳුරු හේමමාලා කුමරිය ඒ මුනි රජුන්ගේ දළඳා වහන්සේ දඹදිවින් මෙහි වැඩමවූහ. ඒකාන්තයෙන් සිංහල ජනයාහට වටංසකයක් (සිරසෙහි පළඳින මල්දමක්) බඳු වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි. ලංකාය...

කියවන්න...

අනුබුදු මහා මහින්ද තෙරණුවෝ

සම‍්බුද‍්ධ රාජ මුනි ධම‍්ම සරෙභිජාතං   පද‍්මංව වායමතිගන්‍ධ දිසාසු සබ‍්බං  ලංකාය සාසන වරං අතිජොතයී සො වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නමැති විලෙහි හටගත් සෑම දිශාවකටම සුවඳ හමන නෙල්ම් මලක් සෙයින් ඒ මිහිඳු හිමියෝ ලක්දිව උතුම් බුදු සසුන බොහෝසෙයින් බැබලවූ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි. රඤ‍්ඤො අසොක වර පුත‍්ත සුසාසනම‍්හි ඔහාය රාජසුඛ පබ‍්බජි ධම‍්මචාරී ඛිප‍්පං විසෙසමධිගම‍්මගමාසි පාරං   වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං අශෝක රජුගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය වූ ධර්මචාරී ඒ මිහිඳු හිමියෝ රාජ සුඛය හැරදා පැවිදි ව ඉතා ඉක්මනින් විශේෂ අවබෝධය ලැබ සසරින් එතෙරට වැඩි සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද...

කියවන්න...

හේතුඵල දහම සහ විවිධ දර්ශනවාද

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි හැඳින්වීම තථාගත බුදු රජුන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ මූලික ත්‍රිපිටක දේශනා තුළ සඳහන් වන්නේ පටිච්චසමුප්පාදයෙහි සමුදය හා නිරෝධය පිළිබඳව බෝධි මූලයේදී ඇතිවූ අවබෝධයෙහි විස්තරයත් සමඟමය. එය මහාවග්ග පාළියෙහි එන පහත ගාථාවන්ගෙන් පැහැදිලි වේ. එනම්, “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො පජානාති සහෙතුධම‍්මං” “යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්‍මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.” “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො...

කියවන්න...