දීපං කයිරාථ මේධාවී - යං ඕඝෝ නාභිකීරති

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය
Gothamachethiya Mangalagiri Buddhist Monastery

මහනුවර පාතදුම්බර ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් වත්තේගම නගරයට ආසන්න හුන්නස්ගිරිය වන රක්ෂිතයට මායිම් වූ සොඳුරු කඳු ගැටයක් මත පිහිටා තිබෙන ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය ලක්දිව ථේරවාද ආරණ්‍ය සම්ප්‍රදාය අනුව පිළිවෙත් පුරනා භික්ෂූන් වහන්සේලාහටත් සැදැහැවත් උපාසක උපාසිකාවන්හටත් බණ භාවනාවට උචිත වන අයුරින් ගොඩ නැගෙන පුණ්‍ය භූමියකි.

අප ආරණ්‍ය සේනාසනය මඟින් සිදු කෙරෙන

සදහම් වැඩසටහන්

අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රාන්ත, විනය සහ අභිධර්ම සංඛ්‍යාත උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් නිවන් මගෙහි හික්මෙනු කැමැති සත්පුරුෂ ජනයාහට දහම් මඟ වැඩීමට උපකාර කරනු වස් අප ආරණ්‍ය සේනාසනය මඟින් සිදු කෙරෙන සදහම් වැඩසටහන් පිළිබඳව මෙම වෙබ්අඩවිය තුලින් ඔබට දැන ගත හැක. ධර්මදේශනා, ධර්මසාකච්චා සහ භාවනා වැඩසටහන්ද, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන ආදී කලානුරූපී අනෙකුත් පුණ්‍ය කටයුතුද අප සෙනසුන ඇසුරු කොට සිදු කරනු ලැබේ.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං

ඡත්තං මහන්තං යථා වස්සකාලේ

එසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ 

න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”

°°°°°

ධර්මය වනාහි ඒකාන්තයෙන් එහි හැසිරෙන්නහු ආරක්ෂා කරයි. වැසිකල මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි.

ධර්මය මනාකොට ප්‍රගුණ කළ කල්හි මෙම ආනිශංසය වෙයි. එනම් ධම්මචාරී පුද්ගල තෙම අපායාදි දුගතියට නොයයි.

(දෙසනාහාරවිභංගය – නෙත්තිප්‍රකරණය)

IMG_0400

සූත්‍ර හා අභිධර්ම පංතිය

භාග්‍යවතුන් වහන්සේ වදාල ගම්භීර ශ්‍රී සද්ධර්මය පිළිවෙලින් සාකච්ඡා කෙරෙන සදහම් වැඩසටහන අප සේනාසනයේ දී සෑම සෙනසුරාදා දිනෙකම සම්බුද්ධ වන්දනාවෙන් පසු රාත්‍රී 7.00 සිට 9.30 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහනට ඔබට Zoom  ඔස්සේ ද සම්බන්ධ විය හැකි ය.

වැඩි විස්තර
meditate

නේවාසික භාවනා වැඩසටහන

කාර්ය බහුල වූ ගිහි දිවියෙන් මඳකට මිදෙමින් අප සේනාසනයෙහි විවේකීව සත් දින නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වීමට උපාසක (පිරිමි) පින්වතුන් සඳහා අවස්ථාව තිබේ. නවාතැන් පහසුකම්, දානය සහ ගිලන්පස සැපයේ.

වැඩි විස්තර
Dahampasala1

පොහොය වැඩසටහන

සෑම පුන් පොහෝ දිනෙකම උදෑසන 7.00 සිට ප.ව. 4.00 දක්වා ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි පැවැත්වෙන සීල භාවනා වැඩසටහනට පින්වත් ඔබට සහභාගී විය හැකිය. දානය සහ ගිලන්පස සැපයේ.

වැඩි විස්තර
pindapata2

සංඝෝපස්ථාන

අප ආරණ්‍ය සේනාසනයෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලා උදෙසා සංඝෝපස්ථාන කටයුතු සිදුකිරීමටත්, ශ්‍රමදාන සිදු කිරීමටත්, වාර්ෂික සාංඝීක දාන භාර ගැනීමටත් පින්වත් ඔබට අවස්ථාව ලබා ගත හැකිය.

වැඩි විස්තර

අපගේ සදහම් වැඩසටහන් පිළිබඳ නවතම තොරතුරු

අපගේ නවතම සදහම් දේශනා ඇතුලත්

ජිනවචනනදී __චැනලය

ගෝතමචේතිය සදහම් සංසදයේ ප්‍රධාන අනුශාසක ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලද නවතම සදහම් දේශනා ශ්‍රවණය කිරීමට "ජිනවචනනදී" අපගේ නිල සදහම් YouTube චැනලය වෙත පිවිසෙන්න. 

උතුම් සම්බුදු වදන් කැටිවූ

දහම් ලිපි පෙළ