වත්තේගම නගරයේ පිහිටි ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි මහා සඟරුවන උදෙසා ඉදිවෙන කුටි සෙනසුන් සඳහා දායක වීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ…..
අප ආරණ්‍ය සේනාසනයේ සිදු කෙරෙන
නව ඉදිකිරීම් කටයුතු
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය තුළ සිදු කෙරෙන සඟ සතු කුටි, සීමා මාලකය, බෝධි ප්‍රාකාරය ආදී ඉදිකිරීම් කටයුතු සඳහා පින්වත් ඔබට දායක විය හැක.
අන්නදෝ බලදෝ හෝති – වත්ථදෝ හෝති වණ්ණදෝ,
යානදෝ සුඛදෝ හෝති – දීපදෝ හෝති චක්ඛුදෝ
සෝ ච සබ්බදදෝ හෝති – යෝ දදාති උපස්සයං,
අමතංදදෝ ච සෝ හෝති – යෝ ධම්මමනුසාසතීති.ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ.
යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද,
හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.
(කිංදද සූත්‍රය – දේවතා සංයුක්තය)
මෙහි දැක්වෙන ඉදිකිරීම් කටයුතු සඳහා ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ඇත
09 June 2023
වාර්ෂික සංඝ දානය
වත්තේගම ඇල්කඩුව මාර්ගයෙහි කඳු ගැටයක් මත සුපිහිටි පින්වත් ස්වාමීන් වහන්සේලා පස්නමක් පමණ වැඩ සිටින මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි වාර්ෂික දාන වාරයක් භාර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. ඒ සඳහා සෙනසුන වෙත දානය රැගෙන ගොස් පූජා කිරීම හෝ දානය සඳහා වන බරපැන දැරීම හෝ කළ හැක….. සංඝගත දක්ෂිණාවක් ලෙසින් සෙනසුනට...
22 July 2023
සදහම් ග්රන්ථ පූජා කිරීම
ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මඟින් සිදුකෙරෙන සදහම් ප්‍රචාරණ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන උතුම් සදහම් ග්රන්ථ රත්නයන් පූජා කිරීමේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වී පින් රැස්කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ! ධර්ම දානමය කුසලක් වන සදහම් ග්රන්ථ පූජා කිරීම ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මඟින් සිදුකෙරෙන සදහම් ප්‍රචාරණ...
01 April 2026
සීමා මාලකය ඉදිකිරීම
වත්තේගම, ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින භික්ෂූන් වහන්සේලාහට පිරිසිදු ලෙස විනය කර්ම සිදු කරමින් සාසනික වත්පිළිවෙත් පහසුවෙන් පූරණය කිරීමට අනුග්‍රහ පිණිස අඩි 16 * 22 ප්‍රමාණයේ දෙමහල් සීමා මාලකයක් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ. මෙම පුණ්‍ය කර්මයට සම්බන්ධ වී පින් රැස්කර ගැනීමට පින්වත් ඔබට...