විකිපීඩියා වෙතින් (For testing purpose only)
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. “මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය.” [1] බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍යක්‍ෂ කළ හැකිය.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව
- දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සත්‍ය )
- දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සත්‍යයය )
- දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සත්‍යයය )
- දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයය )
දුක්ඛ සත්‍යය යනු පංචඋපාදානස්ඛන්ධයයි සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි මර්ග සත්‍ය යනු ආරිය අෂ්ටාංගික මාර්ගයයි
නිවන පිලිබඳ බුද්ධ දේශනා[සංස්කරණය]
බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුවතකාය. ථේරවාදයේ තේරුම් ගෙන ඇති පරිදි මෙම දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.
තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?
පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගදායෙ දී, ලොව කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අන් කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිද්දෙන් උතුම් ධර්ම චක්‍රය පෙරළීම (ප්‍රවර්තනය) අරඹන ලදී. එනම් චතුරාර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය. කිනම් සතරක ද ඒ?දුක්‌ඛස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
දුක නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම යදුක්‌ඛසමුදයස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
දුක හටගැනීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම යදුක්‌ඛනිරොධස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
දුක මුළුමනින්ම නැති වීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම යදුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං.
දුක මුළුමනින්ම නැති වන වැඩපිළිවෙල නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
වදන[සංස්කරණය]
සත්‍යය[සංස්කරණය]
” ‘පැවැත්ම’ අර්ථවත් ‘සත්’ ධාතුවෙන් ‘සත්‍යය’ සංකල්පය ජනිත වී ඇත. යමක් ඇත්ත වශයෙන් ම පවතීද එය සත්‍යය නම් වේ.මේ වනාහී සත්‍යය පිළිබඳ පදංගත වූ අර්ථය වේ. ඉහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි සත්‍යයක ලක්ෂණ 3ක් වේ. එනම්,
- තථ-ඒකාන්ත සත්‍යය
- අවි තථ-කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයයි. එය කිසි කලෙකත් බොරු නොවේ
- අනඤ්ඤථ-අන් පරිද්දකින් නොසිටින සත්‍යය
චතුරාර්‍ය්‍ය සත්‍යය සත්‍යයයි පවසනු ලබන්නේ ඒවායේ ඇති ඉහත ලක්ෂණ හේතුවෙනි ‘ඉමානි චත්තාරි අරිය සච්චානීති භික්ඛවෙ මයා ධම්මෝ දේසිතෝ…….සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි “(මහණෙනි මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයෝය යනු මා විසින්දෙසන ලද………… මහණුන් විසින් බමුණන් විසින් නුවනැතුන් විසින්…………. බැහැර කරන්නට නොහැකි ධර්මයයි.)(අංගුත්තර නිකාය 1, 314 පිටු)
ආර්‍ය්‍ය සත්‍යය[සංස්කරණය]
අරිය හෙවත් ආර්‍ය්‍ය යන්නෙන් ‘උසස් ‘ ,’උතුම්’, ‘ශ්‍රේෂ්ඨ’ යන අර්ථය ලබා දෙයි.
- බුදු, පසේ බුදු, රහත් යන අය විසින් අවබෝධ කළ හෙයින් මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- එම ධර්මය අවබෝධ කිරීමෙන්ම පෘතග්ජනභාවය ඉක්මවා සියලු කෙළෙසුන් නසා ආර්‍ය්‍ය භාවයට පත් කෙරෙන බැවින්ද මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
- බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා ආර්‍ය්‍යන් ලෙස හැඳින්වේ.උන්වහන්සේලා එම ශ්‍රේෂ්ඨ තත්වයට පත්වීමේදී ඉවහල් වූ පිළිවෙත (අරිය සච්ච) ආර්‍ය්‍ය සත්‍යය ලෙස හැඳින්වේ.
” අරියා ඉමානි පටිවිජ්ඣන්ති ,තස්මා අරිය සච්චානීති වුච්චන්තීති…………”(සච්ච විභංග නිද්දේසය) (ආර්‍ය්‍යන් වහන්සේලා එම තත්වයට පත් කළේ යමක්ස එය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.)
මෙම ධර්මය අවබෝධ කර ගැනීමෙන් පෘතග්ජන තත්වය නැති වී ආර්‍ය්‍ය භාවයට පත් වේ. “ඉමේසං ඛෝ භික්ඛවෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසංබුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වුච්චතීති.”(සච්ච විභංග නිද්දේසය)
ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආය්‍යර් යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරකින් වත් අසත‍්‍ය වීමක් නැත. ඒවා එසේම ය. කවර ආකාරකින් වත් වෙනස් නො වන සත්‍ය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආය්‍යර් යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ දැක ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.
යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජනභාවය ඉක්මවා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි කියනු ලැබේ.
චතුරාර්‍ය්‍ය සත්‍යයේ ලක්ෂණ[සංස්කරණය]
මෙම ධර්මයෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළු ධර්මයන් මෙහි අන්තර්ගත වීමයි. “සච්ච විනිම්මුත්තෝහි භාගවතෝ දේසනා නත්ථා”‘ යන නෙත්තිප්පකරණ අටුවාවේ එන විග්‍රහයෙන් එය සඳහන් කෙරේ.”ඒව මේව ඛෝ ආවුසෝ, යේ කේචි කුසලා ධම්මා සබ්බේ තෙ චතුසු අරිය සච්චේසු සංගහං ගච්චන්තී” යන මහාහත්ථි පදෝපම සූත්‍ර පාඨයද එය පැහැදිලි කරයි. එනම් ලොව වෙසෙන සියළු සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනට වඩා කුඩා වනු ඇත.එය ඉක්මවා යන කිසිඳු පාද සටහනක් දැකිය නොහැකිය.එමෙන් බුද්ධ දේශිත යම් කුසල ධර්මයක් වෙයිද ඒ සියල්ල චතුරාය්‍යර් සත්‍යයෙහි අන්තර්ගත වනු ඇත. ලොව පවත්නා ධර්මයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ 04 කි.එනම්,
- පවත්ති– ඇති වීම
- පවත්තක-ඇති වීමට ඉවහල් වූ හේතු
- නිවත්ති– නැති වීම
- නිවත්තක-නැති වීමට ඉවහල් වූ හේතු
චතුරාය්‍යර් සත්‍යයද මෙම න්‍යායට අනුව ගොඩ නැගී තිබේ.
- පවත්ති-දු:ඛාර්‍ය්‍ය සත්‍යය
- පවත්තක-දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය
- නිවත්ති- දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය
- නිවත්තක-දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය

E aí, time! Cheguei pra falar do Fun88tntf! Pra quem tá chegando agora, dá uma olhada no site deles. Tem um monte de coisa legal pra se divertir. É só criar a conta e começar a explorar! Fica a dica! fun88tntf
E aí, amantes do poker! Tão afim de testar suas habilidades no Pokerkingvn8? Então corre lá no site! Tem muita mesa rolando, diferentes níveis e prêmios. Mostra pra eles quem é o rei do blefe! pokerkingvn8
Salve, galera! Tão buscando um lugar pra apostar online? Axiebet88online pode ser a solução! Dá uma olhada no site deles, vejam as opções de jogos e apostas. Quem sabe a sorte não tá te esperando por lá? axiebet88online