හුන්නස්ගිරිය වන පියසේ සුපිහිටි සොඳුරු
ආරණ්‍ය සේනාසනය
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් වත්තේගම නගරයට කි.මී. 3ක් පමණ දුරින් හුන්නස්ගිරිය වන රක්ෂිතයට මායිම්වන සොඳුරු කඳු ගැටයක් මත පිහිටි බිම් පෙදෙසක ය. බණ භාවනාවට යෝග්‍ය වූ සෞම්‍ය දේශගුණයකින් සහ පරිසරයකින් ආශීර්වාද ලත් මෙම වන සෙනසුනෙහි වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති ලෙස කටයුතු කරනුයේ පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් ය. බුදුසසුනේ පිළිවෙත් පුරනා භික්ෂූන් වහන්සේලා පස් නමකට වාසය කිරීමට පහසුකම් සහිත පුණ්‍ය භූමියක් වන මෙම ආරණ්‍ය සේනාසනය සැදැහැ සිතින් ඇසුරු කරන්නා වූ උවසු උවැසියන්හට දහම් මඟ වැඩීමටත් දාන, සීල, භාවනා ආදී පුණ්‍ය කටයුතු වල නිරත වීමටත් මනා තෝතැන්නක් වේ. මාසික සීල සමාදාන වැඩසටහන්, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා ආදී පුණ්‍ය කටයුතු නිරන්තරයෙන්ම මෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලැබේ.
2022 වසරේ ජූනි 2 වන දින මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කරන ලද්දේ වැල්,වත්තේ සී,ගවේසී මහා ස්ථවිරයන් වහන්සේ විසිනි. නකල්ස් වන අඩවියෙහි ගෝමරය ග්‍රාමයෙහි පිහිටි සඳුන්අරණ සේනාසනය, ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානය ඇතුළු ආරණ්‍ය සේනාසන ගණනාවක් බුදුසසුනට දායාද කළ සොඳුරු ගුණදහමින් පිරිපුන් යතිවරයන් වහන්සේ නමක් වූ උන් වහන්සේ විසින් 2024 වසරේ දෙසැම්බර් 22 දින දී පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන්හට “ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය” නමින් භාර කරන්නට යෙදුනි.