වත්තේගම, ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින භික්ෂූන් වහන්සේලාහට පිරිසිදු ලෙස විනය කර්ම සිදු කරමින් සාසනික වත්පිළිවෙත් පහසුවෙන් පූරණය කිරීමට අනුග්‍රහ පිණිස අඩි 16 * 22 ප්‍රමාණයේ දෙමහල් සීමා මාලකයක් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ. මෙම පුණ්‍ය කර්මයට සම්බන්ධ වී පින් රැස්කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ!
සංඝ විනය කර්ම සිදු කෙරෙන
සීමා මාලකය ඉදිකිරීම
බුදු සසුනේ චිරස්ථිය පිණිස පවතින ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම පිරිසිදු ලෙස සිදු කිරීම පිණිස අභිනවයෙන් ඉදි කෙරෙන සීමා මාලකය සඳහා පින්වත් ඔබට දායකත්වය දැරීමට අවස්ථාව තිබේ.
විනයො නාම බුද‍්ධසාසනස‍්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති
විනය වනාහි බුදුසසුනෙහි ආයුෂය ය. විනය පිහිටි කල්හි සාසනය පිහිටියේ වේ
ශ්‍රී ගෞතම සම්බුදුරජුන් විසින් මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ දී භික්ෂූන් වහන්සේලාහට වදාරන ලද සප්ත අපරිහානීය ධර්මයන්හි සඳහන් “නිතර රැස්වීම, සමගියෙන් රැස්වීම, සමගියෙන් විසිර යෑම සහ සමගියෙන් සංඝ කර්ම සිදු කිරීම” යන බුදු සසුනේ චිරස්ථිතිය පිණිස පවතින ධර්මයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සිදු වන්නේ විනය කර්මයන් තුළින් ය. බුදුරජුන් දිවමන්ව වැඩසිටි යුගයේ සිට අද දක්වාම ථේරවාදී භික්ෂු සංඝයා විසින් බුද්ධානුසාසනාවට අනුකූලව උපෝසථ කර්ම, පවාරණ කර්ම, උපසම්පදා කර්ම ආදී විනය කර්මයන් මනාකොට සිදු කරමින් උතුම් සම්බුදු සසුන ලොව ආරක්ෂා කරන ලදී. ධර්ම විනයට අනුලොම් ලෙසින් විනය කර්මයක් නිවැරදිව සහ පහසුවෙන් සිදු කිරීම සඳහා විහාරස්ථානයක තිබිය යුතු අත්‍යවශ්‍ය විහාරාංගයක් වනුයේ එම විහාරය පිහිටි ගම්කතෙහි වැඩසිටින්නා වූ භික්ෂු සංඝයා විසින් සමගියෙන් රැස්වී සම්මත කරන ලද විනය සීමාවක් තුළ ඉදි කරන ලද සීමා මාලකයකි.
වත්තේගම, ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින භික්ෂූන් වහන්සේලාහට පිරිසිදු ලෙස විනය කර්ම සිදු කරමින් සාසනික වත්පිළිවෙත් පහසුවෙන් පූරණය කිරීමට අනුග්‍රහ පිණිස අඩි 16 * 22 ප්‍රමාණයේ දෙමහල් සීමා මාලකයක් අභිනවයෙන් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ. මෙම සීමා මාලකය ඉදිකිරිම සඳහා වන ඇස්තමේන්තුගත වියදම රු. ලක්ෂ 65.4ක් වන අතර එම සම්පූර්ණ මුදල රු. 6,000 කොටස් 1090 ක් ඔස්සේ බෙදා ගත හැක වේ. මෙම ශාසනික කර්තව්‍යය සඳහා ශක්ති පමණින් දායකත්වය ලබා දීමෙන් ගෞතම බුදුසසුනේ චිරස්ථිතිය පිණිස පවතින මහා පුණ්‍ය කටයුත්තක කොටස් කරුවන් වීමට සත්පුරුෂ සැදැහැවත් පින්වතුන්හට අවස්ථාව තිබේ.
සීමා මාලකය සඳහා වන වියදම් ඇස්තමේන්තුව
| ගෙපල කැපීම සහ ගොඩනැගිල්ල වටා ගල් බැම්ම බැඳීම (කඳු මුදුනක පිහිටා ඇති බැවින් ශක්තිමත් ගල් බැම්මක් අවශ්‍ය වේ) |
රු. ලක්ෂ 4.8 යි |
| ගොඩනැගිල්ල සඳහා වන අමු ද්‍රව්‍ය (බ්ලොක් ගල්, සිමෙන්ති, වැලි, මැටල්, කම්බි) |
රු. ලක්ෂ 18 |
| සම්පුර්ණ ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා වැඩ කුලිය | රු. ලක්ෂ 12 |
| පොටි ඇදීම සහ තීන්ත ගෑම සඳහා වැඩ කුලිය සහිතව | රු. ලක්ෂ 3.6 |
| වයරින් කටයුතු සඳහා වැඩ කුලිය සහිතව | රු. ලක්ෂ 2.4 |
| වහලය සහ වැට සඳහා වැඩ කුලිය සහිතව | රු. ලක්ෂ 12 |
| ටයිල් ඇල්ලීම වැඩ කුලිය සහිතව | රු. ලක්ෂ 6.6 |
| ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් | රු. ලක්ෂ 6 |
| මුලු වියදම | රු. ලක්ෂ 65.4 |
සමස්ත බරපැන = රු 6000 x කොටස් 1090
2026 මැදින් පොහෝ දින සිදු කළ සීමා සම්මතය
සීමා මාලකයක් ඉදි කර විනය කර්ම සිදු කිරීම සඳහා භාවිතයට ගැනීමට පෙර සමඟි සම්පන්න සංඝයා විසින් විනයානුකූලව විනය සීමාවක් සම්මත කරනු ලැබීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. ථේරවාද විනයට අනුව මෙය සමානසංවාසික ඒකූපෝසථ සීමාවක් ලෙස හඳුන්වනු ලැබේ. වර්තමානයේ නොයෙක් ප්‍රායෝගික හේතු මත මෙය ඉතා සංකීර්ණ විනය කර්ම ගණනාවක් ඔස්සේ සිදු විය යුත්තක් වන අතර එහිදී පුරාණ සීමාවන් සමූහනනය සිදු කර සීමා භූමිය පිරිසිදු කොට ඉන්පසු සීමා සම්මත විනය කර්මය සිදු කළ යුතු වේ. අප ආරණ්‍ය සේනාසනයේ මෙම සීමා සම්මතය 2026 මැදින් මස 2 වන පුන් පොහෝ දින උපසම්පදා සංඝයා 30 නමක් විසින් රාත්‍රිය පුරාවට සිදු කර සම්පූර්ණ කරන ලදී.
සීමා මාලකයේ සැලැස්ම
දායකත්වය දැරීම
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදි කෙරෙන සීමා මාලකය සඳහා සුපින්වත් ඔබ දායකත්වය දැරීමට කැමති නම් මෙහි දැක්වෙන සම්පත් බැංකුවේ පිහිටුවා ඇති අපගේ නිල බැංකු ගිනුම වෙත රු 6000 කොටස් ඔබ කැමති ප්‍රමාණයක් සඳහා වන බැරපැන යොමු කළ හැකිය.
ගෞතම බුදුසසුනේ චිරස්ථිතිය පිණිස පවතින මහා පුණ්‍ය කටයුත්තක කොටස් කරුවන් වීමට සත්පුරුෂ සැදැහැවත් පින්වතුන්හට අවස්ථාව ඇති බව මෙසේ මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිමු.
වැඩි විස්තර සඳහා 0702 576757 දුරකථන අංකය ඔස්සේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය ස්වාමීන් වහන්සේ අමතන්න.
Name: Gothamachethiya Theravada Buddhist Association
Account Number: 100761006131
Bank: Sampath Bank
Branch: Kandy Super
Swift Code: BSAMLKLX



