සූත්‍ර හා අභිධර්ම සාකච්ඡාව

සද්ධම්මවිභාවනා

සෑම සෙනසුරාදා දිනෙකම විකාශය වන උතුම් සූත්‍ර හා අභිධර්ම සංඛ්‍යාත ගම්භීර ශ්‍රී සද්ධර්මය පිළිවෙලින් සාකච්ඡා කෙරෙන සද්ධම්මවිභාවනා සදහම් කතිකාවත.

SecPageImageL6

සද්ධම්මවිභාවනා සදහම් කතිකාවත

උතුම් සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය පුරා විසිරී පවතින නවාංග ශාස්තෘ සාසනයෙහි ඇතුලත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මිහිරි ශ්‍රී සද්ධර්මය පිළිවෙලින් ඉගෙනීමටත්, මෙලොව පරලොව රැකවරණය පිණිස පවතින නාථකරණ ධර්මයක් වූ බහුශ්‍රැත බව දියුණු පමුණුවා ගැනීමටත් අනුග්‍රහ පිණිස ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය ස්වාමීන් වහන්සේ සමඟ කෙරෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහන සෑම සෙනසුරාදා දිනෙකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා “ජිනවචනනදී” YouTube නාලිකාව හරහා විකාශය වේ.