ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ මෙවර වස් සමාදන් වීම සඳහා භික්ෂූන් වහන්සේලාහට ආරාධනා කිරීමටත් වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා වස් අවසානයේ සිදු කෙරෙන කඨින චීවර පූජාව සහ සාංඝීක දානය භාරගැනීමටත් පින්වත් ඔබට අවස්ථාව තිබේ. 

වස් අවසානයේ සිදු කෙරෙන

කඨින චීවර පූජාව

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ මෙවර වස් සමාදන් වීම සඳහා භික්ෂූන් වහන්සේලාහට ආරාධනා කිරීමටත් වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා වස් අවසානයේ සිදු කෙරෙන කඨින චීවර පූජාව සහ සාංඝීක දානය භාරගැනීමටත් පින්වත් ඔබට අවස්ථාව තිබේ. 

KathinaVinaya

අනුජානාමි භික්ඛවේ කඨිනං අත්ථරිතුං!

අප භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ දිවමන්ව වැඩ සිටි යුගයේ සිට අද දක්වාම බුදුරජුන් විසින් පනවන ලද විනය ප්‍රඥප්තියට අනුකූලව හා චිරාගත සම්ප්‍රදානුකූලව උපසපන් භික්ෂූන් වහන්සේලා විසින් සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනට පසු දිනින් ඇරැඹෙන වස් තුන් මාසය තුළ සාසනික වත් පිළිවෙත් පුරමින් එක් සේනාසනයක වැඩ හිඳ වස් සමාදන් වීම සිදු කරනු ලබත්. වස් තුන්මාසය අවසානයේ වප් පුන් පොහෝ දින දී සිදු කළ යුතු මහා පවාරණයෙන් පසු වස් නිමකළ භික්ෂූන් වහන්සේලාහට කැමති නම් දහම් චාරිකාවේ වැඩම කිරීමට විනයානුකූල අවසර හිමි වේ. මෙසේ චාරිකාවේ වැඩම කිරීමට මත්තෙන් එම භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පිළිසකර කිරීමටත් දුබල සිවුරු බැහැර කර අළුත් සිවුරු ලබා ගැනීමටත් එළඹෙන ඉල් පොහොය දක්වා වන චීවර මාසය බුදුරජුන් විසින් අනුදැන වදාරන ලදී.

මෙම චීවර මාසය තුළ යොදාගත් දිනෙක දී ගිහි පිංවතුන් විසින් භික්ෂූන් වහන්සේලාගේ අණ කිරීමකින් තොරව තමන්ගේම කැමැත්තෙන් සංඝයා උදේසා පූජා කරන්නාවූ චීවරයක් කඨිනත්ථාර විනය කර්මය මඟින් සංඝ සම්මුතියෙන් කඨින චීවරයක් ලෙස එම සේනාසනයේ මනාකොට වස් සමාදන් වූ උපසපන් භික්ෂූන් වහන්සේ නමක් වෙත පැවරීමට හැකි වේ. එවිට එම භික්ෂූන් වහන්සේහට තම පැරණි චීවරය බහැර කොට එම කඨින චීවරය අදිටන් කොට පෙරවිය හැකිය. මෙසේ එම කඨින චීවරය ලබා ගත් භික්ෂූන් වහන්සේහට බුදුරජුන්ගේ පැනවීමට අනුව අනුසස් පසක් ලැබේ. එනම් එම භික්ෂූන් වහන්සේහට සුවසේ තම චීවරයන් සකස් කර ගැනීමටත් චාරිකාවේ වැඩම කිරීමටත් පහසු වන පරිදි උපසම්පදා සීලයට අයත් ශික්ෂාපද කිහිපයක තාවකාලික ලිහිල් වීමක් සිදු වේ. භික්ෂුවක්හට ලැබෙන කඨිනානිසංස යනු මෙයයි. එසෙම එම සේනාසනයෙහි මනාකොට වස් සමාදන් වූ අනෙක් උපසපන් භික්ෂූන් වහන්සේලාහටද මෙම කඨිනානිසංස අනුමෝදන් විය හැක. එසේ කිරීමෙන් එම භික්ෂූන් වහන්සේලාහට ද එම කඨිනානිසංස හිමි වේ. මේ අයුරින් අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ කඨිනං අත්ථරිතුං!” “මහණෙනි කඨිනය ඇතිරීමේ විනය කර්මය අනුදනිමි” යනුවෙන් ශ්‍රාවක සංඝයාහට චීවරාදී ප්‍රත්‍ය පහසුකම් ලබමින් සසුන් පිළිවෙතෙහි යෙදීමට හැකි වන පරිදි කඨිනානිසංස ලැබෙන්නාවූ කඨිනත්ථාර විනය කර්මය අනුදැන වදාළ සේක. යම් සැදැහැවත් ගිහි උපාසකයෙක් හෝ උපාසිකාවක් විසින් පූජා කරන ලද චීවරයක් පදනම් කර ගනිමින් භික්ෂු සංඝයාහට බොහෝ ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන්නා වූ යම් විනය කර්මයක් තිබේ නම් ඒ කඨිනත්ථාර විනය කර්මය යි. කඨින චීවර පූජාව මහත්ඵල මහානිසංස යැයි සැළකෙනුයේ මේ හේතුව නිසා ය.

පසුගිය වසරේ සිදු කළ කඨින පින්කම

2025 සැප්තැම්බර් මස 9 වන දින අප ආරණ්‍ය සේනාසනයේ පවත්වන්නට යෙදුනු කඨින පිංකම වත්තේගම පදිංචි හේමමාලා යටවර මහත්මිය ප්‍රමුඛ පින්වත් පිරිසගේ දායකත්වයෙන් චාම් නමුත් අර්ථවත් ලෙසින් සංවිධානය කරන ලදී.

2026 වසරේ පැවැත්වීමට නියමිත වස් අවසාන පිංකම

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ මෙවර වස් තුන් මාසයේ උපසපන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් වස් සමාදන් වීමට බලාපොරොත්තු වේ. වස් අවසාන පින්කම මෙවර සිදු කිරීමට බලාපොරොත්තු වනුයේ 2026 නොවැම්බර් මස 7 වන සෙනසුරාදා දින වේ. මෙදින කඨිනත්ථාර විනය කර්මය සිදු කිරීමට බඹරැල්ල ආරණ්‍ය සේනාසනයෙන් භික්ෂූන් වහන්සේලා 7 නමක් වැඩම කරවීමට අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා 0702 576757 දුරකථන අංකය ඔස්සේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය ස්වාමීන් වහන්සේ අමතන්න.

වස් පින්කම සඳහා වන වියදම් ඇස්තමේන්තුව

වස් සමාදන් වන භික්ෂූන් වහන්සේලා 3නම සඳහා වැසි සළු පූජා කිරීමරු. 15,000 යි
චීවරය සකස් කිරීමදායක පිංවතුන් කැමති පරිදි
භික්ෂූන් වහන්සේලා දස දෙනෙක් සහ ගිහි පිරිස 60 දෙනෙකුට ප්‍රමාණවත් පරිදි දානය සකස් කිරීමරු. 150,000 යි
කඨින පිංකම සඳහා බඹරැල්ල ආරණ්‍යයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමට ප්‍රවාහන වියදම්රු. 25,000 යි
කඨින පිංකම දින දානයට වඩින භික්ෂූන් වහන්සේලා සඳහා පිරිකර පූජා කිරීමදායක පිංවතුන් කැමති පරිදි එකම ආකාරයෙන් යුතු පිරිකර 10ක්
කඨින පිංකම දින ආරණ්‍යයේ සැරසිළි කටයුතුදායක පිංවතුන් කැමති පරිදි
වස් තුන් මාසය තුළ වස් සමාදන් වන භික්ෂූන් වහන්සේලා 3නම උදෙසා උපස්ථාන කටයුතුදායක පිංවතුන් කැමති පරිදි

ඉදිරි වර්ෂ සඳහා කඨින පිංකම් භාරගෙන ඇති පිංවතුන්

වර්ෂයකඨින පිංකම භාරගත් පින්වතුන්
2025හේමමාලා යටවර මහත්මිය ඇතුළු පිරිස

2026

භාරගෙන නැත

2027

භාරගෙන නැත

2028

භාරගෙන නැත

2029

භාරගෙන නැත

2030

භාරගෙන නැත