SriDaladaMaligawa1

වාම ශ්‍රී දළඳා වහන්සේ

දෙසම‍්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිං

පසාදයම‍්හි වර දෙව විමාන රූපී

ලංකා මහී මකුට සීස මණිං විලාසී                                       

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සෙන්කඩගල දේශයෙහි මනා ලෙස පිහිටා ඇති දෙව් විමනක් බඳු ප්‍රාසාදයෙහි වැඩ සිටින ලංකා මහී කාන්තාවගේ කිරීට මාණික්‍යය වැනි වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දන‍්තො කුමාර සහ සුන්‍දර හෙමමාලා

ආනෙසු දාඨ මුනිනො ඉධ ජම‍්බුදීපා

ලංකාය සීහළ ජනස‍්ස වටංසකො හි

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

දන්ත කුමරුන් සහ සොඳුරු හේමමාලා කුමරිය ඒ මුනි රජුන්ගේ දළඳා වහන්සේ දඹදිවින් මෙහි වැඩමවූහ. ඒකාන්තයෙන් සිංහල ජනයාහට වටංසකයක් (සිරසෙහි පළඳින මල්දමක්) බඳු වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

ලංකාය දිබ‍්බනගරංව මහා පුරස‍්මිං

ආදිච‍්ච තත්‍ථ සදිසො විරාජමානො

තොසෙති බ්‍රහ‍්ම නර දෙව සුසාවකෙ හි 

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

ලක්දිව දිව්‍ය පුරයක් බඳු වූ මහනුවර නගරයෙහි හිරුමඬලක් සෙයින් විරාජමානව වැඩ සිටින ඒ දළඳා වහන්සේ ඒකාන්තයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය වූ සම්බුද්ධ ශ්‍රාවකයන් තුටු කරන සේක. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

සම‍්බුද‍්ධ රාජ ගුණ සෙට‍්ඨ සුචින‍්තයන‍්තො

දෙවින්‍ද නාග නර බ්‍රහ‍්ම සුපූජයිංසු

පුඤ‍්ඤාකරං සකල ලොක ජනස‍්ස හොති

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සම්බුදු රජුන්ගේ ශ්‍රේෂ්ඨ සම්බුදු ගුණ මැනවින් සිහිකරමින් ඒ දළඳා වහන්සේ වෙත දේව ඉන්ද්‍ර බ්‍රහ්ම නාග මනුෂ්‍ය සැම පූජා පැවැත්වූහ. ඒ දළඳා වහන්සේ සකළ ලෝක ජනයාහට පුණ්‍ය ආකරයකි. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දෙසෙසි බුද‍්ධ රතනං කරුණාය ධම‍්මං

සත‍්තස‍්ස සබ‍්බ තරිතුං භව සාගරම‍්හා

ඵස‍්සෙසි බුද‍්ධ වචනං මුනිනො සදා තං

වන්‍දාමහං සුගත වාම සුදන‍්ත ධාතුං

ඒ සම්බුදු රජුන් නම් මහා රත්නය මහා කරුණාවෙන් සියලු සත්ත්වයන්හට භව සයුරින් එතෙර වීම පිණිස ධර්මය දේශනා කළ සේක. ඒ මුනි රජුන්ගේ සියලු බුද්ධ වචන ඒ දළඳා වහන්සේ සැමදා ස්පර්ශ කළ සේක. ඒ සුගතයන් වහන්සේගේ වාම දළඳා වහන්සේ මම වන්දනා කරමි.

-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය 

    Tags: No tags

    Add a Comment

    Your email address will not be published. Required fields are marked *