කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි
හැඳින්වීම
මහා කාරුණික වූ සම්බුදු රජුන් තම ශ්‍රාවකයන් හට ධර්මාවබෝධ කරවීම පිණිස සුවිශාල පටිභානයකින් ධර්මය දේශනා කර තිබෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. බුදු රජුන්ගේ ශ්‍රාවකයන් අතර සුවිශාල විවිධත්වයක් තිබුණු අතර ධර්මාවබෝධය පිණිස අවශ්‍ය ශ්‍රද්ධාදී කුසල ධර්මයන්ද ප්රහාණය කළ යුතු රාගාදී ක්ලේෂ ධර්මයන්ද එම ශ්‍රාවකයන් අතර විවිධ මට්ටම් වලින් අඩු වැඩි භාවයන් පෙන්නුම් කළ බවට ත්‍රිපිටකය තුළ සාක්ෂි තිබේ. මේ විවිධත්වය හේතුවෙන් බුදු රජුන් දහම් දෙසීමේදී ඇතැමෙක් හට ඉතා කෙටියෙන් ධර්මය දේශනා කර ඇති අතර තවත් අයෙක් හට විස්තර විභාග වශයෙන් විවිධ විචිත්‍ර පටිභානයකින් යුතුව ධර්මය දේශනා කර තිබේ.
බුදු රජුන්ගේ ධර්ම දේශනා පටිභානය පිළිබඳව නොයෙක් සූත්‍රයන් තුල නොයෙක් අයුරින් විස්තර වේ. උදාහරණ ලෙස අංග අටකින් සමන්විත නුවණැති ශ්‍රාවකයාහට තථාගතයන් වහන්සේගේ “එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොතී” “ඒකාන්ත පටිභාන ධර්ම දේශනාව වන්නේය” ලෙස සඳහන් අංගුත්තර නිකායෙහි පුණ්ණිය සූත්‍රයත් (අංගුත්තර නිකාය 6, 2006, p. 276), ත්‍රිපිටකයෙහි බොහෝ තැන්වල සඳහන් “ස්වාක්ඛාත, සුදේසිත” ආදී ධර්මයෙහි ගුණ විස්තර කරන පදත්, “සබ‍්බාකාරසම‍්පන‍්නං සබ්බාකාරපරිපූරං අනූනං අනධිකං ස්වාක්ඛාතං කෙවලපරිපූරං බ්රහ්මචරියං සුප්පකාසිතං” “සියලු අයුරින් සැපැයුණු, සියලු අයුරින් පිරිපුන්, අඩුත් නොවූ වැඩිත් නොවූ මනාකොට වදාරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඹසර මනාකොට පවසන ලද” ලෙස පාසාදික සූත්‍රයෙහි (දීඝ නිකාය 3, 2006, p. 212) සඳහන් කාරණාත් දැක්විය හැකිය. එපමණක් නොව “සාත්ථං සබ්‍යංජනං” “අරුත් සහිත ව්‍යංජන සහිත” ලෙස ධර්මයෙහි විස්තර වන ලක්ෂණය නෙත්තිප්රකරණය නම් ග්රන්ථයෙහි සබ්‍යංජනං යන්න “අක්ඛරං පදං ව්යංජනං ආකාරං නිරුත්තිං නිද්දේසං” යන පද ඔස්සේද, සාත්ථං යන්න “සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති” (නෙත්තිප්රකරණය, 2006, p. 20) යන පද ඔස්සේද විස්තර කොට තිබේ.
ශ්රාවකයා හට ධර්මාවබෝධය පිණිස ඇති ප්‍රතිපදාව වැඩීමට නම් තථාගත භාෂිත සද්ධර්මය අසා එහි ගැබ්වී ඇති අරුත් වටහා ගත යුතුය. නොයෙක් සූත්‍රයන්හි එය මෙබඳු අයුරකින් දැක්වේ. එනම් “අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථං ච විදිත්වා අත්ථඤ්ච, යථා ධම්මො යථා අත්ථො පටිපජ්ජිතබ්බං.” “අධර්මයත් ධර්මයත් දැන, අර්ථයත් අනර්ථයත් දැන, යම්සේ ධර්මයත් අර්ථයත් වේද, ඒ අනුව පිළිපැදිය යුතුය” (අංගුත්තර නිකාය 6, 2006, p. 470), “තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස ලාභිනො භවිස්සාමාති.” “එනිසා මහණෙනි මෙසේ හික්මිය යුතුය. අපි වනාහි අර්ථරසයටත් ධර්මරසයටත්, විමුත්තිරසයටත් ලාභීහු වන්නෙමු යැයි” (අංගුත්තර නිකාය 1, 2006, p. 76) ලෙසයි. සම්බුද්ධ දේශනාවන්හි සඳහන් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද වැනි දාර්ශනික ඉගැන්වීම් තුළ දැකීමට දුෂ්කර වූ සුවිසල් ගැඹුරක් විද්‍යමාන වේ. එය මහාවග්ගපාළියෙහි එන “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනා’යං පජා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං – යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං සුදුද්දසං – යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං.” “මා විසින් අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් නො දත හැකි ය. සියුම් ය. පණ්ඩිතයන් විසින් ම දත යුතු ය. මේ ප්‍රජා තොමෝ පඤ්චකාමගුණයෙහි සතුටු වූවා ය. පඤ්චකාමගුණයෙහි ඇලුනී ය. පඤ්චකාමගුණයෙහි දැඩි සේ මුදිත ය. පස්කම්ගුණයෙහි සතුටු වූ පස්කම්ගුණයෙහි ඇලුනා වූ පස්කම් ගුණයෙහි දැඩි සේ සතුටු වූ ප්‍රජාව විසින් යම් මේ එකිනෙක ප්‍රත්‍යය හා ප්‍රත්‍යයසමුත්පන්න වන ආකාර ඇති ප්රතීත්යසමුත්පාදයෙක් වේ ද, මෙය දැකීම දුෂ්කර ය. යම් මේ සකලසංස්කාරයන්ගේ සංසිඳීමෙක් වේ ද, සකලඋපධීන්ගේ බැහැර ලීමෙක් වේ ද, තෘෂ්ණාවගේ ක්ෂය වීමෙක් වේ ද, නො ඇල්මෙක් වේ ද, සකල දුක්ඛනිරෝධයෙක් වේ ද, නිර්‍වාණයෙක් වේ ද, යන මෙය ද දැකීම ඉතා දුෂ්කර ය.” (මහාවග්ගපාළි 1, 2006, p. 10) යන පාඨයෙන් පෙනේ.
ත්‍රිපිටක ධර්මය අධ්‍යනයේදී වැටහෙන කරුණක් වන්නේ ධර්මයෙහි සඳහන් මෙම ගැඹුරු අරුත් අවබෝධ කරගැනීම පිණිස බුදු රජුන්ගේ ධර්ම දේශනා පටිභානය විහිදී තිබෙන නොයෙක් ක්ෂේත්රයන් පිළිබඳ අධ්‍යනයක් කළ යුතු බවයි. මෙයට හේතුව ඉහත සඳහන් කළ පරිදි තථාගත භාෂිතයන්හි ව්‍යංජනය හා අර්ථය ලෙසින් කොටස් දෙකක් දක්නට ලැබීමයි. එහෙයින් බුදු රජුන්ගේ ශ්රාවකයා හට තථාගත ධර්මයෙහි වචන භාවිතාවෙන් හෙවත් ව්‍යංජනයෙන් ඉස්මතු කරන අරුත් වටහා ගැනීම පිණිස සම්බුද්ධ දේශනා තුළ බුදු රජුන් විසින් භාෂාව භාවිතා කර තිබෙන ආකාරයන් අධ්‍යනය කිරීම මහෝපකාරී වේ.
බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමට භාවිතා කළේ එකල සාමාන්‍ය ජන සමාජයේ තිබූ ලෞකික ව්‍යවහාරයයි. බුදු රජුන් විසින් සියළු සංස්කාර මම, මාගේ, මාගේ ආත්මය ලෙස නොදැකිය යුතු යැයි නැවත නැවතත් දේශනා කොට තිබුනද බුදු රජුන්ද රහතන් වහන්සේලාද මම, මාගේ, මාගේ ආත්ම යන වචන ධර්ම දේශනාව සඳහා භාවිතා කළහ. පහත සඳහන් උපුටා ගැනීම් මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.
“අහං හි අරහා ලෝකේ, අහං සත්ථා අනුත්තරෝ” “ලෝකයේ රහතන් වහන්සේ මමය, ලොවෙහි අනුත්තර ශාස්තෘන් වහන්සේ මමය” (මහාවග්ගපාළි 1, 2006, p. 16)
“පරිපක්කෝ වයෝ මයිහං, පරිත්තං මම ජීවිතං” “මාගේ වයස මුහුකුරා ගොස් තිබේ, මාගේ ජීවිතය තිබෙන්නේ ස්වල්පයයි” (දීඝ නිකාය 2, 2006, p. 188)
“කච්චි නු ඛෝ මේ අත්තා සීලතෝ න උපවදතීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” “කිම මාගේ ආත්මය සීලය වශයෙන් මාහට උපවාද කරයිදැයි පැවිද්දා විසින් නිතර සිහිකළ යුතුයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 158)
මෙසේ ධර්මය අවබෝධ කළ රහතන් වහන්සේලා මම මගේ යන වචන භාවිතා කිරීමට හේතුව ලෙස බුදු රජුන් වදාලේ “ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා, වොහාරමත්තෙන සො වොහරෙය්යාති” “දක්ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.” (සංයුක්ත නිකාය 1, 2006, p. 28) ලෙසයි. එසේම කථාවත්ථුප්‍රකරණයෙහි පරවාදීන් යැයි සඳහන් කොට තිබෙන අථේරවාදීන් බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර යැයි පැවසූ විට මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ ඇතුළු ථේරවාදී සංඝයා ප්‍රකාශ කලේ බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෞකික බවයි. මෙසේ බුදු රජාණන් වහන්සේ ලෞකික ව්‍යවහාරයෙන් ධර්මය දේශනා කරන විට ඒ සඳහා යොදාගත් භාෂාවේ ලෞකික ව්‍යවහාරයට අදාල ලක්ෂණ විද්‍යමාන වන අතර ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මේ අනුව පාලි සූත්‍ර අධ්‍යනයේදී ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද වැනි දාර්ශනික ඉගැන්වීම් වලට අමතරව අවධානය යොමු කළ යුතු වෙනත් භාෂාමය කාරණා කිහිපයක් පහත පරිදි ගොනුකළ හැක.
- වචනාර්ථයට වඩා වෙනස් අරුතක් මතු කිරීම.
- ධර්මයෙහි සඳහන් උපමා, රූපක, ආඛ්‍යාන, රූඪි ආදී සාහිත්‍යමය ලක්ෂණ
- ඉතා සරළ වචන ගැඹුරු අරුත් සඳහා යොදාගෙන තිබෙන ආකාරය
- රස සංකල්පය
- පරියාය දේශනාව
- පාලි භාෂාවෙහි විකාශනය
- පාලි භාෂාව හා ප්‍රඥාව අතර ඇති සම්බන්ධය
වචනාර්ථයට වඩා වෙනස් අරුතක් මතු කිරීම
සම්බුද්ධ දේශනා අධ්‍යනය කිරීමේදී බොහෝ අවස්ථා වල දහම් දෙසීමට බුදු රජුන් භාවිතා කළ වචනයන්හි මතුපිටින් පෙනෙන වාච්‍ය අරුතට වඩා තරමක් වෙනස් හෝ ගැඹුරු අරුතක් තිබෙන බව දිස්වේ. සරළ උදාහරණයක් ලෙස ධම්මපදයෙහි සඳහන් “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ” යන ගාථා පාඨය ගනිමු. මෙහි වාච්‍ය අරුත නම් “සියල්ලෝම දඬුවමට තැති ගනිති, සියල්ලෝම මරණයට භය වෙති” (ඛුද්දක නිකාය 1, 2006, p. 56) යනුයි. පාලි භාෂාව දත් ඕනෑම අයෙකුට මෙය තේරුම් ගත හැකි වේ. නමුත් ථේරවාද බුදු දහම පිළිබඳ අල්ප අවබෝධයක් ඇති අයෙක් සියල්ලෝ යන වචනය යෙදී ඇති නිසා “එසේනම් බුදු රජාණන් වහන්සේද දඬුවමට තතිගන්නේද? මරණයට භය වන්නේද?” ලෙසින් වැරදි අවබෝධයකට පැමිණෙනු ඇත. ත්‍රිපිටකයෙහි සඳහන් අනෙකුත් දේශනා සමඟ ගලපා බැලීමේදී බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් සියළු කෙලෙස් දුරු කළ හෙයින් තැති ගැනීමටත් භය වීමටත් පත් නොවන බව පැහැදිලි වේ. එහෙයින් මෙම ගාථාවේ සියල්ලෝ ලෙස අදහස් කරන්නේ බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් හැරුනුකොට අනෙක් සත්වයන්ය. ඒ බව පෙළ දහම හා ගලපා වටහා ගත යුතුය.
තවත් උදාහරණයක් ලෙස ධම්මපදයෙහි සඳහන් මෙම ගාථාව ගනිමු.
“මාතරං පිතරං හන්ත්වා රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා අනීඝො යාති බ්රාහ්මණො.”
“මව ද, පියා ද, ක්ෂත්රිය රජුන් දෙදෙනා ද වනසා, පිරිවර සහිත රට ද වනසා, බාහිතපාප බ්‍රාහ්මණ තෙම නිදුක් වැ යන්නේ ය.” (ඛුද්දක නිකාය 1, 2006, p. 98)
මෙම ගාථාවෙහි මව සහ පියා ලෙස අදහස් කරන්නේ තමන් මෙලොවට බිහිකළ දෙමව්පියන් විය නොහැක. මන්ද යත් දෙමව්පියන් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වන බැවිනි. ධම්මපද අට්ඨකථාවට අනුව මව යනු තෘෂ්ණාවත් පියා යනු අසමි මානයත් වන අතර රජවරු දෙදෙනා යනු ශාස්වත සහ උච්චේද දෘෂ්ඨි වේ. අනුචරයා නන්දිරාගය වන අතර රට යනු ද්වාදස ආයතන වේ. මෙහි බ්‍රාහ්මණයා ලෙස හඳුන්වන්නේ රහතන් වහන්සේය. අටුවාවෙහි සඳහන් මෙම අර්ථ විස්තරය වෙනත් සූත්‍ර වල සඳහන් අර්ථයන්ට සමානයයි සිතිය හැකිය. එනම් “තණ්හා ජනේති පුරිසං” “තණ්හාව පුරුෂයාව බිහිකරයි” (සංයුක්ත නිකාය 1, 2006, p. 68) ලෙස බුදු රජුන් දේශනා කොට ඇති අතර “බ්‍රාහ්මණ” යන නාමය රහතන් වහන්සේ හට යොදා තිබෙන සූත්‍ර ගණනාවක්ද දැකිය හැකිය. ආසිවිසෝපම සූත්‍රයෙහි ඇස ආදී අධ්‍යාත්මික ආයතන හිස් ගෙවල් වලට උපමා කොට ඇති අතර රූප ආදී බාහිර ආයතන ගම්පහරන සොරුන්ට උපමා කොට ඇත. මේ අනුව අධ්‍යාත්මික බාහිර ආයතන දොලස සඳහා රට යන උපමාව භාවිතා කිරීමේ යම් ගැලපීමක් දැකිය හැකිය. මෙසේ සෘජුව වචනයෙන් ප්‍රකාශ කරන අරුතට වඩා වෙනස් ගැඹුරු අරුතක් මෙම ගාථාවෙහි ගැබ් වී තිබේ.
මෙවැනිම තවත් උදාහරණයක් ලෙස ධම්මපදයෙහිම එන මෙම ගාථාව දැක්විය හැකිය.
“අස්සද්ධො අකතඤ්ඤූ ච සන්ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො ස වෙ උත්තමපොරිසො.”
“යම් පුද්ගලයෙක් අනුන්ගේ බසින් නො අදහා ද (ශ්‍රද්ධාව ඉක්මවා ගොස් තෙමේම දැන), (හේතුන් විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්වාණය ප්රත්යක්ෂ කොට දත්තේ ද, සසර සන්ධි සිඳලූයේ ද, නසන ලද ප්රතිසන්ධි අවකාශ ඇත්තේ ද, වමනය කරන ලද සියලු ආශා ඇත්තේ ද, ඒ පුද්ගල තෙම ඒකාන්තයෙන් උත්තම පුරුෂ නම් වේ.” (ඛුද්දක නිකාය 1, 2006, p. 46)
මෙහි මතුපිට අරුත වන්නේ “ශ්‍රද්ධාව නැති, අකෘතඥ, ගෙවල් බිඳින, ඉඩ නැතිකළ, වැමෑරූ දේට ආසා ඇති යම් මිනිසෙක් වේද ඔහු උතුම් පුරුෂයෙකි” යනුයි. එනමුත් මෙහි සැබෑ අරුත වන්නේ ඉහත සඳහන් කළ අරුතයි. මෙලෙස බුදු රජුන් විසින් දේශනා කළ ධර්මයෙහි වචනාර්ථය ඉක්මවාගිය අරුත් ප්‍රකාශ කරන අවස්ථා බොහෝ සෙයින් විද්‍යමාන වේ.
මෙහිදී වටහා ගත යුතු කරුණක් වන්නේ බුදු රජුන් විසින් යම් ප්රකාශනයක අරුත් දෙආකාරයකට දේශනා කොට ඇති බවයි. ඒවා නෙය්‍යාර්ථ සහ නීතාර්ථ ලෙස හැඳින්වේ. නෙය්‍යාර්ථ යනු ඉහත සඳහන් ආකාරයට අර්ථය පමුණුවාගත යුතු දේශනා වේ. නීතාර්ථ යනු සෘජු අරුත් ඇති පමුණුවන ලද අරුත් ඇති දේශනාය. බුදු දහමේ ඇති ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් වටහා ගැනීම සඳහා ශ්රාවකයා හට මේ පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය වේ.
ධර්මයෙහි සඳහන් සාහිත්‍යමය ලක්ෂණ
සම්බුද්ධ දේශනා පුරාවට බොහෝ සෙයින් උපමා, රූපක, ආඛ්‍යාන, සංකේත ආදී සාහිත්‍යමය ලක්ෂණ බොහෝ සෙයින් දිස්වේ. බුදු රජුන් මෙම සාහිත්‍යමය ලක්ෂණ ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළ ආකාරයත් ඊට මුල් වූ හේතු කාරණා පිළිබඳවත් යම් අවබෝධයක් ශ්රාවකයා හට තිබිය යුතු වේ.
උපමා සහ රූපක
ධර්මය තුළ උපමා සහ රූපක භාවිතා කොට ඇත්තේ විශේෂයෙන් ගැඹුරු අරුත් සරළ ලෙස ශ්රාවකයා හට වටහා ගැන්වීමටය. බොහෝ සූත්‍ර වල “උපමායපි ඉධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.” “උපමායෙනුදු මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කියන ලද වචනයේ අරුත් දැනගන්නාහ.” (දීඝ නිකාය 3, 2006, p. 550) ලෙස සඳහන් වේ. එසේම බුදු රජුන්ගේ විස්මිත ධර්ම දේශනා පටිභානය ශ්රාවකයා හට විදහා දැක්වීමෙන් බුදු රජුන් පිළිබඳ ශ්රාවකයා අතිශන් පැහැදුණු අවස්ථා විද්‍යාමාන වේ. උදාහරණයක් ලෙස උපාලි සූත්‍රයේ
“පුරිමෙනෙවාහං භන්තෙ, ඔපම්මෙන භගවතො අත්තමනො අභිරද්ධො අපි චාහං ඉමානි භගවතො විචිත්රානි පඤ්හපටිභානානි සොතුකාමො එවා’හං භගවන්තං පච්චනීකාතබ්බං අමඤ්ඤිස්සං.” “වහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීමෙහි සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්න විසඳීම් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි.” (මජ්ඣිම නිකාය 2, 2006, p. 70) යැයි සඳහන් වේ. මේ අනුව ශ්රාවකයා හට ධර්මය වටහා ගැනීමටත් ඒ කෙරෙහි පැහැදීමටත් ධර්මය තුල උපමා හා රූපක භාවිතය හේතු වී ඇති බව සිතිය හැකිය.
ආඛ්‍යාන
සම්බුද්ධ දේශනා තුල බොහෝ සෙයින් නොයෙක් ආඛ්‍යානයන් භාවිතා වී තිබේ. බොහෝ සෙයින් ජාතක, ධම්මපද අට්ඨකථා, විමාන වත්ථු, පේත වත්ථු ආදී ග්රන්ථ වල පමණක් නොව දීඝ නිකාය, මජ්ඣිම නිකාය ආදී ග්රන්ථ වලද නොයෙක් ආඛ්‍යාන දිස්වේ. අංගුලිමාල කථාවස්තුව, නන්ද හිමියන්ගේ කථාවස්තුව, කිසාගෝතමී කථාවස්තුව, පටාචාරා කථාවස්තුව, සේරිස්සක කථාවස්තුව ආදී ආඛ්‍යානයන් බොහෝ දෙනා අතර ප්රකටය. මෙබඳු කථාවස්තූන් ශ්රාවකයා තුල විශාල ආනන්දයක් ජනිත කිරීමට සමත් වන අතර ජීවිතාවබෝධය සඳහා සුවිශාල ආලෝකයක් සපයයි. ජාතක කථා ඉගෙනීමෙන් ශාස්තෘන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස කළ සුවිශාල කැපකිරීම පිළිබඳ ශ්රාවකයා වටහා ගනියි. එය ශාස්තෘ ගෞරවය දියුණු වීමට උපකාර වේ. විමාන වත්ථු පේත වත්ථු වැනි කථා වස්තු තුලින් කුසලයේ විපාකත් අකුසලයේ විපාකත් පිළිබඳ වටහා ගෙන අකුසලයට අකමැති වී කුසලයට කැමැති වීමට ශ්රාවකයා අවකාශ ලබයි.
එසේම මෙම කථා වස්තූන් ශ්‍රාවකයාගේ සිත තුල ධර්මාවබෝධයට උපකාර වන ආකාරයේ වින්දනයක් උපදවලීමට සමත් වේ. උදාහරණයක් ලෙස වෙස්සන්තර ජාතක කථා වස්තුව ශ්‍රවණය කරන ශ්රාවකයා තුළ නිරාමිස දුක් වින්දනයක් ඇතිවේ. මෙහි තිබෙන වටිනාකම වටහා ගැනීමට උපකාර වන කරුණක් මජ්ඣිම නිකායෙහි සඳහන් සළායතනවිභංග සූත්‍රයෙහි සඳහන් වේ. එනම් සාමිස දුක් විඳීම දුරු කිරමට නිරාමිස දුක් විඳීම සේවනය කළ යුතු බව බුදු රජහු එම සූත්‍රයෙහි වදාල සේක. මෙම කාරණාව බොහෝ කලක් තිස්සේ ලක්දිව ජනතාව අතර කොතරම් කාවැදී තිබුනාද යත් යම් නිවසක යමෙක් මිය ගිය විට එම ශෝකය තුනී කිරීම පිණිස පුරාණ චාරිත්‍රයක් ලෙස වෙස්සන්තර කාව්‍ය සජ්ඣායනා කළ අතර එම ග්‍රන්ථය මළපොත ලෙසද හඳුන්වනු ලැබීය.
මෙම කථා වස්තූන් වල ඇති තවත් ලක්ෂණයක් නම් ඒවායෙහි අඩංගු සිද්ධි දාමයන් බුදු රජුන් විසින් පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් හා චුතූපපාත ඥානයෙන් දැක දේශනා කරන විස්තර වීමයි. බුදු රජාණන් වහන්සේ බෝධි මූලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධයට පෙරදීම එම ඥානයන් ද්විත්වය සාක්ෂාත් කළ සේක. මෙමගින් සංසාර චක්‍රය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් මහා බෝසතාණන් වහන්සේ තුළ ජනිත විය. කර්මානුරූපව සත්වයා සංසාර ගමනක වැටි ඇති අයුරු දැකගැනීමට හැකිවිය. භව පැවැත්මේ යථා ස්වභාවය වන පටිච්චසමුප්පාද සමුදය සහ නිරෝධය අවබෝධ කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ එම අවබෝධයෙනි. මේ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළහ. එනමුත් ශ්රාවකයා බුදු රජුන්ගේ සාසනයෙහි ධර්මාවබෝධය ලබන්නේ බොහෝ සෙයින් මෙම පෙර සඳහන් කළ ඥාන ද්විත්වයෙන් තොරවයි. එහෙයින් ශ්රාවකයා හට ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම වන කර්ම කර්මඵල සහ භව පැවැත්මේ ස්වභාවය පිළිබඳ වටහා ගැනීමට බුදු රජුන් විසින් දේශනා කොට වදාල මෙම ආඛ්‍යානයන් බොහෝ සෙයින් උපකාර වේ.
සංකේත භාවිතය
බුදු රජුන් දේශනා කොට වදාල ධර්මයෙහි විශේෂ අරුත් ප්‍රකාශ කිරීම සඳහා සංකේත භාවිතා කොට තිබෙන බව පැහැදිලි කරුණකි. මෙයට උදාහරණයක් ලෙස අසනඝ ජාතකය ගත හැක. අසනඝ කුමාරයාව ඉපිද සිටියේ අප මහා බෝසතාණන් වහන්සේ වන අතර එම කුමරා ඊට පෙරභවයේ බ්‍රහ්ම ලෝකයේ සිට මනුලොවට පැමිණි හෙයින් තම මව ඇතුළු සියළු කාන්තාවන්ගේ පහස දැඩිව ප්‍රතික්ෂේප කොට සිටියහ. එනමුත් එක ස්ත්‍රියකගේ උපක්රමයට හසුවී අතෘප්තිකර දැඩි කාමාශාවක් ඇතිවී සියලු පිරිමින් මරාගෙන යෑමට තැත් කොට බොහෝ දුක් පීඩා වලට හසු විය. “අසනි” යනු හෙනය යන අරුත වුවද හෙනයක් වැදීමක් පිළිබඳ මෙම කථා වස්තුවෙහි සඳහනක් නැත. අසනඝ යන නමින් මෙම ජාතක කථාව හැඳින්වීමට හේතුව ලෙස පෙනෙන්නේ හෙනයක් වැදුනා සෙයින් කාමාශාවට හසුවූ බව දැක්වීමයි. මේ ආකාරයේ සංකේත භාවිතයෙන් අරුත් මතු කිරීම නොයෙක් අවස්ථා වලදී ධර්මය තුල දැකිය හැකිය.
ශබ්ධ ධ්වනි මඟින් සංකේතාත්මකව අරුත් මතු කිරීමද ධර්මය තුල පෙනෙන කරුණකි. උදාහරණයක් ලෙස රතන සූත්‍රයෙහි “චතුබ්භි වාතෙභි අසම්පකම්පියො” “සිවු දිගින් හමන සුළඟින් කම්පා නොවන්නේය” (ඛුද්දක නිකාය 1, 2006, p. 10) ලෙස සඳහන් පදය පෙන්විය හැක. මෙහිදී බුදු රජුන් හට “චතූහි වාතෙහි අසම්පකම්පියො” ලෙස යෙදීමට තිබුණි. එය ව්‍යාකරණකූලව නිවැරදිය. නමුත් චතුබ්භි වාතෙභි ලෙස මහප්‍රාණ අක්ෂර යෙදීමෙන් ශ්‍රවණය කරන්නා හට දැඩි සුළඟක සඤ්ඤාවක් ලබාදෙයි. එවිට කොතරම් දැඩිව සුළඟ හැමුවත් ඉන්ද්‍රඛීලය නොසෙල්වෙන බව දැක්විය හැකිය. මෙලෙස ශබ්ධ ධ්වනි මඟින්ද සංකේතාත්මකව අරුත් මතු කිරීමට හැකිය.
මෙසේ ඉහත දැක්වූ ධර්මයෙහි සඳහන් සාහිත්‍යමය ලක්ෂණ පිළිබඳවද ශ්රාවකයා හට අවබෝධයක් තිබිය යුතුය.
සරළ වචන ගැඹුරු අරුත් සඳහා යොදා ගැනීම
පෙර සඳහන් කරන ලද පරිදි බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර නොව ලෞකිකය. එනම් බුදු රජුන් ධර්ම දේශනාව සඳහා භාවිතා කලේ එකල සමාජයේ භාවිතා කළ සාමාන්‍ය වචන ය. එසේම බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි පමණක් නොව ලොව ඕනෑම භාෂාවක ඇති සියළුම වචන ලෝක සම්මුති අනුව පවතින ව්‍යවහාර වේ. පාළි ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නක් නම් එකල සමාජයේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය තුළ පවතින සරළ වචන ඉතා ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා බුදුරජුන් විසින් භාවිතා කොට තිබීමයි.
මේ සඳහා හොඳම නිදසුනක් ලෙස ‘නිබ්බාන’ යන වචනය දැක්විය හැකිය. එය ගින්නක් නිවීම හැඳින්වීමට භාවිතා කරන සරළ වචනයකි. ලොව ඕනෑම භාෂාවක මේ සඳහා සරළ වචනක් තිබේ. නමුත් මෙම වචනය බුදු සසුනෙහි ලබන උත්තරීතර අවසන් ඵලය හැඳින්වීමට බුදුරජුන් භාවිතා කළහ. එසේම නිවන අර්ථ දැක්වීමේදී “රාගක්ඛයෝ දොසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං” “රාග ද්වේශ මෝහ ක්ෂය වීම නිවන” (සංයුක්ත නිකාය 4, 2006, p. 474) ලෙස වදාළ අතර අග්ගි සූත්‍රයෙහිදී රාග ද්වේශ මෝහ ගිනි ලෙස වදාළහ (ඛුද්දක නිකාය 1, 2006, p. 444). එහෙයින් රාග ද්වේශ මෝහ නම් වූ ගිනි ක්ෂය වීම නැතහොත් නිවීම නිබ්බාන ලෙස හැඳින්වීම යුක්ති සහගතය.
තවත් නිදසුනක් ලෙස “සඞ්ඛාර” යන වචනය ගනිමු. මෙම වචනය ධර්මයෙහි “පුඤ්ඤාභිසඞ්ඛාර, අපුඤ්ඤාභිසඞ්ඛාර, ආනෙඤ්ජාභිසඞ්ඛාර, කායසඞ්ඛාර, වචීසඞ්ඛාර, චිත්තසඞ්ඛාර, මනෝසඞ්ඛාර, ඉද්ධාභිසඞ්ඛාර, සබ්බේසඞ්ඛාර” ආදී නොයෙක් ආකාරයෙන් ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගෙන තිබේ. එසේම පංචඋපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය ආදී ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් සඳහා මෙම වචනය භාවිතා වේ. නමුත් මෙම වචනය සරළ අරුතක් ප්‍රකාශ කරන අවස්ථාවක් ධර්මයෙහි සඳහන් වේ. එනම් පචේතනික සූත්‍රයෙහි සඳහන් විස්තරයෙහි පචේතන රජුගේ රාජ රථය පිණිස වඩුවෙකු වූ මහා බෝසතාණන් වහන්සේ සාදා දුන් රෝද දෙක කරකවා යැවූ කල්හි එහි රැස්වූ ජවය යම්තාක්ද ඒ තාක් ගොස් එක් රෝදයක් බිම වැටුනු අතර අනෙක බිම නොවැටී අකුරක් ගැසූ කලක මෙන් සිටියේය. මේ කාරණය එම සූත්‍රයෙහි සඳහන් වන්නේ “තං පවත්තිතං සමානං යාවතිකා අභිසඞ්ඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා චිඞ්ගුලායිත්වා භූමියං පපති” “එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය යම් තාක් ද ඒ තාක් ගොස් බමා බිම වැටෙයි” (අංගුත්තර නිකාය 1, 2006, p. 212) මෙයින් පැහැදිලි වන්නේ “සඞ්ඛාර” යන වචනය ගැඹුරු අරුත් සඳහා භාවිතා වුවද මෙම සරළ සිදුවීම විග්රහ කිරීමටද භාවිතා වන වචනයක් බවයි. මේ අනුව “සඞ්ඛාර” පදයෙන් අදහස් කරන අරුත පිළිබඳ වටහා ගැනීමට මෙවැනි යෙදීම් පිළිබඳ විමසීම ප්‍රයෝජනවත් වේ.
පටිච්චසමුප්පාදයෙහි විග්රහ වන භවය ලෙස පරිවර්තනය කරන ලද “භවො” යන වචනයද මෙවැනිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. මෙය ‘වෙයි’ යන අරුත් ඇති “භවති” යන ක්‍රියා පදයෙහි භාව වාචික කිතක පදයයි. එවිට “භවො” යන්න ‘වීම’ යන සරළ අරුත් ඇති පදයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් භවය පිළිබඳ උපමා ඇසුරින් විග්රහ වන සූත්‍ර වල “කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො.” “කර්මය කෙතය, විඤ්ඤාණය බීජයය, තෘෂ්ණාව තෙත් බවය” (අංගුත්තර නිකාය 1, 2006, p. 394) ලෙස දැක්වෙන කාරණය විමසීමේදී ‘සත්වයාගේ කර්මානුරූප සාංසාරික පැවැත්ම’ යන අදහස අරුත් ගැන්වීමට “භවෝ” යන පදය සුදුසු බව වටහා ගත හැකිය.
මෙලෙස සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ අදහස් ප්‍රකාශ කිරීමට ගන්නා සාමාන්‍ය වචන ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීම සහ එහි තිබෙන යුක්ති සහගත බව පරික්ෂා කොට බැලිය යුතුය.
රස සංකල්පය
රස විඳීම යනු බොහෝ ජනයාට රුචි වූ සාධාරණ කාරණාවකි. යම් සාහිත්‍යක රසයක් නොමැතිනම් එම සාහිත්‍ය මිනිසුන් විසින් පිළිගන්නේ නැත. ලෝකයෙහි ඇතැම් රස විඳීම් කෙලෙස් සහිත වන අතර තව තවත් ක්ලේෂ ධර්මයන්ගේ වර්ධනය පිණිස එය හේතු වේ. බුදු රජුන් වදාල ධර්මයෙහිද නොයෙක් රසයන් අන්තර් ගත වේ. එම රසයන් ශ්රාවකයාව ක්ලේෂ ධර්මයන්ගෙන් මිදවීම පිණිස හේතු වේ. ධර්මයෙහි මෙම රස විඳීම කේන්ද්‍ර අපසාරී වින්දනයක් ලෙස හැඳින්විය හැකිය. බුදු දහමෙහි ප්‍රධානත්වය දරන්නේ ධර්ම රසයයි. “සබ්බ රසං ධම්ම රසො ජිනාති” “සියළු රස අතුරින් ධර්ම රසය දිනයි” (ඛුද්දක නිකාය 1, 2006, p. 112) ලෙසත් “සච්චං හවේ සාධුතරං රසානං” “රසයන් අතර සත්‍ය රසය වඩාත්ම යහපත් වේ” (සංයුක්ත නිකාය 1, 2006, p. 382) ලෙසත් ධර්මයෙහි සඳහන් වේ. එසේම “අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස භාගිනො භවිස්සාම” “අපි අර්ථ රසයටත් ධර්ම රසයටත් විමුත්ති රසයටත් භාජනය වෙමු” (අංගුත්තර නිකාය 1, 2006, p. 76) යන ආකාරයෙන් හික්මිය යුතු බවද බුදු රජහු ශ්‍රාවකයන් හට වදාළහ.
එනමුත් ධර්මයෙහි අර්ථරසය, ධර්මරසය, විමුත්තිරසය, සත්යරසය ලෙස හඳුන්වන ලෝකෝත්තර සතුටට අමතරව සාමාන්‍ය ලෝකයෙහි ජනයා ඇලුම් කරන හාස්‍ය රසය, ශෘංගාර රසය, කරුණ රසය, වීර රසය, භයානක රසය ආදී රසයන්ද දකින්නට ලැබේ. විශේෂයෙන් මෙබඳු රසයන් තුලින් සාමාන්‍ය ජනයා හට ධර්මයට යොමු වීමට කැමැත්තක් ඇතිවේ. පාප කර්මය හා දුගතිය කෙරෙහි භය උපදවා ගැනීමටත් කුසල කර්මය හා සුගතිය කෙරෙහි කැමැත්ත උපදවා ගැනීමටත් මෙම රසයන් ඉවහල් වේ. බුදු රජුන්ගේ අනුපිලිවෙල කතාවෙහි මුල් කොටස වන දානකථා, සීලකථා, සග්ගකථා යන්නෙන් පින් රැස් කිරීමේ කුසල් වැඩීමේ යහපත පෙන්වා දෙයි. බුදු රජුන්ගේ සග්ගකථාව පිළිබඳ සඳහන් විමානවත්ථු කථා විස්තරයන්හි දෙව්ලොව සුන්දරත්වය පිළිබඳ මනාව විස්තරවේ. මෙම විස්තරයන්හි ඇති රසය කෙනෙකු ධර්ම මාර්ගය කරා ගෙන ඒමට ඉවහල් වනු බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ජනපද කල්‍යාණි පිළිබඳ වූ තියුණු රාගයෙන් ගිහි වීමට සිතු නන්ද හිමියන් සසුන් බඹසරට ඇළුම් කරවූයේ තව්තිසාවෙහි දිව්‍ය අප්සරාවන් පෙන්වාය. බඹසරට ඇළුනු නන්ද හිමියන් කෙටි කලකින් එම දෙව් ලොව සැප කෙරෙහි ඇති ආසාවද අතහැර ධර්මාවබෝධ කළහ.
එසේම ථේර ගාථා පාලියෙහි රහතන් වහන්සේලා කාමයන්ගෙන් වෙන්ව හුදෙකලාවම වනය තුළ ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන අයුරු විචිත්‍ර ලෙස දැක්වේ. මෙම ගාථාවන් ශ්‍රවණය කිරීමේදී ඇතිවන නිස්කාමී රසය කෙනෙකු කාමයන්ගෙන් මුදවිමට සමත් වේ.
මේ ආකාරයෙන් ධර්මයෙහි තිබෙන නොයෙක් රසයන් ශ්රාවකයා හට ධර්මාවබෝධය පිණිස විවිධ මට්ටම් වලින් උපකාර කරන ආකාරය පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත් වේ.
පරියාය දේශනාව
බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථා වල පරියාය වශයෙන් ධර්මය දේශනා කළ අවස්ථා බොහෝමයක් පවතී. “එවං පරියායදෙසිතො ඛො ආනන්ද, මයා ධම්මො.” “ආනන්ද, මෙසේ මා විසින් දහම් පරියාය වශයෙන් දේශනා කරන ලදී” (සංයුක්ත නිකාය 4, 2006, p. 426) ලෙස පඤ්චකංග සූත්‍රයෙහි සඳහන් වේ. මෙම පරියාය දේශනාව සම්බුද්ධ දේශනාවෙහි බොහෝ සෙයින් යෙදී තිබෙනු දැකිය හැකි අතර ඇතැම් පරියායන් යොදා තිබෙන ආකාරය ආශ්චර්ය ජනක වේ. එසේම ලොව වෙනත් සම්භාවනීය, දාර්ශණික කෘති වල බුදු රජුන්ගේ මෙම දේශනා විලාසය මෙලෙස භාවිතා වී නොමැත.
සීහසේනාපති සූත්‍රයෙහි බුදු රජහු තමන් වහන්සේව අකිරියවාදී කිරියවාදී උච්ඡෙදවාදී වැනි නොයෙක් වචන වලින් හැඳින්විය හැකි බව වදාළහ. එනම්,
“අහං හි සීහ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.” “සීහය, මම වනාහි කාය දුශ්චරිතයාගේ වාග් දුශ්චරිතයාගේ මනෝ දුශ්චරිතයාගේ අක්‍රියාව කියන්නෙමි, නන් වැදෑරුම් වූ ලාමක අකුශල ධර්මයන්ගේ අක්‍රියාව කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් මේ එ කරුණ යි.”
“අහං හි සීහ, කිරියං වදාමි. කායසුචරිතස්ස වචීසුචරිතස්ස මනොසුචරිතස්ස, අනෙකවිහිතානං කුසලානං ධම්මානං කිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.” “සීහය, මම් වනාහි කාය සුචරිතයාගේ වාක් සුචරිතයාගේ මනස් සුචරිතයාගේ ක්‍රියාව කියමි, නන් වැදැරුම් කුසල්දහමුන්ගේ ක්‍රියාව කියමි. සීහය. ‘ශ්‍රමණ ගෞතම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.”
“අහං හි සීහ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය උච්ඡෙදවාදො සමණො ගොතමො උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.”
“සීහය මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ උච්ඡේදය කියන්නෙමි, අනේක විහිත වූ ලාමක අකුශල ධර්මයන්ගේ උච්ඡේදය කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම උච්ඡේද වාද ඇතියේ උච්ඡේදය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයේ මට කියන්නේ නම් මේ එ කරුණයි.” (අංගුත්තර නිකාය 5, 2006, p. 56)
අකිරියවාදී යන පදය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කර්ම කර්මඵල නොපිළිගන්නා අයෙකුටය. නමුත් මෙම උදාහරණය අනුව අකිරියවාදී යන පදය වෙනත් පරියායකින් බුදු රජුන් හැඳින්වීමට යෙදිය හැකි බව පෙනේ.
තවද මහා වේදල්ල සූත්‍රයෙහි අප්‍රමාණ චේතෝවිමුක්තිය, ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තිය, සුඤ්ඤත චේතෝවිමුක්තිය සහ අනිමිත්ත චේතෝවිමුක්තිය වෙනස් වෙනස් අරුත් ඇති ලෙස දේශනා කළ හැකි පරියායක් දැක්වෙන අතර එකම අරුතක් ඇති ලෙසින් විස්තර කර හැකි පරියායක් ද සඳහන් වේ.
මෙසේ නොයෙක් පරියයන්ගෙන් ධර්මය දේශනා කොට තිබෙන බව මේ අනුසාරයෙන් වටහා ගත හැකිය.
පාලි භාෂාවෙහි විකාශනය
පාලි භාෂාවෙහි වචන පරිණාමය වූ ආකාරය නොයෙක් සූත්‍රයන්හි සඳහන් වේ. මේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම කරුණු ඇතුලත් සූත්‍රය වන්නේ දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්‍රයයි. මෙම සූත්‍රයෙහි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවී පෘථිවියෙහි වාසයට පැමිණි සත්වයන් කාලයත් සමඟ පරිණාමය වන විට එම සත්වයන් අතර ඇතිවූ නොයෙක් සමාජීය ගැටළු මුල්කොට ගෙන ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර ලෙස සිවු කුලයකට බෙදුණි. සත්වයා තුල ඇතිවූ පරිහානිකර කෙලෙස් ස්වභාවයන් දැක එම සිවු කුලයන්ගෙන් කාමයන් අත්හැර පැවිදි වූ පිරිස ශ්‍රමණ නම් විය. මෙම වචන සෑදුනු ආකාරය මෙම සූත්‍රයෙහි විස්තර වේ.
“මහාජනසම්මතො’ති ඛො වාසෙට්ඨා ‘මහාසම්මතො මහාසම්මතො’ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බත්තං.” “මහා ජනාය විසින් සම්මත හෙයින් ම ඔහුට ‘මහාසම්මත ය, මහාසම්මත යැ’ යි ම පළමු නම් වහර ඇති විය.”
“ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්ඨා, ‘ඛත්තියො ඛත්තියො’ත්වෙව දුතියං අක්ඛරං උපනිබ්බත්තං.” “වාශිෂ්ඨයෙනි, කෙත්නට අධිපති වී නු යි ‘ක්ෂත්රිය ය, ක්ෂත්රිය යැ’ යි ම දෙවෙනි නම් වහර ඇති විය.”
“ධම්මෙන පරෙ රඤ්ජෙතීති ඛො වාසෙට්ඨා, ‘රාජා, රාජා’ත්වෙව තතියං අක්ඛරං උපනිබ්බත්තං.” “වාශිෂ්ඨයෙනි, දැහැමින් අනුන් සුවපත් කෙරෙනු යි ‘රජ ය, රජ’ යැ යි කියා ම තෙවෙනි නම් වහර ඇති විය.”
“පාපකෙ අකුසලෙ ධම්මෙ බාහෙන්තීති ඛො වාසෙට්ඨා, ‘බ්රාහ්මණා බ්රාහ්මණා’ත්වෙව පඨමං අක්ඛරං උපනිබ්බත්තං.” “වාශිෂ්ඨයෙනි, ලාමක වූ අකුශල ධර්මයන් බැහැර ලත් නු යි ම ‘බ්‍රාහ්මණයෝ ය, බ්‍රාහ්මණයෝ ය’ කියා ම පළමු නාම ව්‍යවහාරය පහළ විය.” (දීඝ නිකාය 3, 2006, p. 156)
එසේම ධම්මපදයෙහි මෙසේ සඳහන් වේ.
“බාහිතපාපො’ති බ්රාහ්මණො සමචරියා සමණො’ති වුච්චති.
පබ්බාජයත්තනො මලං තස්මා පබ්බජිතො’ති වුච්චති.”
“යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල පහ කෙරේ ද, එ හෙයින් පබ්බජිතයා යී කියනු ලැබේ.” (ඛුද්දක නිකාය 1, 2006, p. 120)
මේ අනුව පෙනෙන්නේ අතීත ජන සමාජය තුල බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි වචන සකස් වූ යම්කිසි සාධාරණ ආකාරයක් තිබෙන බවයි. එසේම තවත් සූත්‍රයන්හි “ලුජ්ජතීති ඛො භික්ඛු තස්මා ලොකොති වුච්චති.” “නැසී යන නිසා ලෝකය යැයි කියනු ලැබේ” (සංයුක්ත නිකාය 4, 2006, p. 118), “රුප්පතීති ඛො භික්ඛවෙ තස්මා රූපන්ති වුච්චති.” “විකාර ස්වරූපයකට පත්වන හෙයින් රූපය යැයි කියනු ලැබේ” (සංයුක්ත නිකාය 3, 2006, p. 148) යන අයුරින් වචන වලින් අදහස් කරන දෙය පිළිබඳව බුදු රජුන් දේශනා කොට තිබේ. මෙසේ සෑම වචනයක් පිටුපසම තිබෙන කථා විස්තරය පිළිබඳව සඳහන් නොවුනද එම වචන සකස් වන ආකාරය පිළිබඳ යම් වටහා ගැනීමක් තිබීම අවශ්‍ය වේ.
පාලි භාෂාව හා ප්‍රඥාව අතර ඇති සම්බන්ධය
ඉහත සඳහන් කළ පරිදි බුදු රජුන් ධර්මය දේශනා කිරීමට භාවිතා කළ පාලි භාෂාවෙහි වචන සකස්වූ යම් සාධාරණ ආකාරයක් තිබේ. එසේම බුදු රජුන්හට ධර්ම දේශනාවේදී ශ්රාවකයාට අවබෝධ කරවීමට අවශ්‍ය සියුම් කාරණා ප්‍රකාශ කිරීම සඳහා පාලි භාෂාවෙහි තිබෙන වචන ඉතා සුදුසු බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. එනම් එම වචන බුදු රජුන් හට ගැඹුරු ධර්මයක් දේශනා කිරීමට හැකි වන පරිදි ස්වභාවිකව එම ජන සමාජය තුලම සකස් වූ වචන යැයි හැඟේ.
බුදු දහමෙහි ප්‍රධානතම දහම් නය ලෙස පිළිගනු ලබන පටිච්චසමුප්පාදයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ ලෙස සඳහන් වන තැන්හි සංඛාර විස්තර වන්නේ කායසංඛාර, වචීසංඛාර හා චිත්තසංඛාර ලෙසය. මෙහිදී වචී සංඛාර විතක්ක විචාර ලෙස විස්තර වන අතර “පුබ්බෙ ඛො ආවුසො විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති. තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො” “ඇවත විසාඛය, කලින්ම විතර්ක කොට විචාර කොට පසුව වචනය බිඳියි” (මජ්ඣිම නිකාය 1, 2006, p. 708) ලෙස චුල්ලවේදල්ල සූත්‍රයෙහි සඳහන් වේ. මෙහි තේරුම නම් අවිද්‍යා සහගත විතක්ක විචාර මුල් වී වචන කථා කිරීම සිදු වන බවයි. මෙම න්‍යායාත්මක පදනම යම් සමාජයක භාෂාවක් විකාෂණය වීමට මූලික වශයෙන් බලපාන අතර බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි වචන විකාෂණය වූ අයුරු වටහා ගැනීමටද උපකාර වේ.
එසේම නිබ්බේධික සූත්‍රයෙහි “වොහාර වෙපක්කාහං භික්ඛවෙ සඤ්ඤං වදාමි. යථා යථා නං සඤ්ජානාති, තථා තථා වොහරති එවං සඤ්ඤී අහොසින්ති” “මහණෙනි, මම සඤ්ඤාව ව්‍යවහාරය විපාක කොට ඇත්තක් බව පවසමි. යම් යම් ලෙසින් හඳුනා ගනියිද, ඒ ඒ අයුරින් ‘මෙසේ හඳුනා ගතිමි’ යැයි ව්‍යවහාර කරයි” (අංගුත්තර නිකාය 4, 2006, p. 206). මෙසේ භාෂා ව්‍යවහාරය පිණිස ඉන්ද්රිය ගෝචර ලෝකය හඳුනා ගැනීම හේතු වන බව පැහැදිලි වේ.
එපමණක් නොව ධාතු සංයුක්තයෙහි බාහිරධාතුනානත්ත සූත්‍රයෙහි සඳහන් ආකාරයට රූපධාතු, සද්දධාතු, ගන්ධධාතු, රසධාතු, ඵොට්ඨබ්බධාතු හා ධම්මධාතු නම් බාහිර ධාතුනානත්වය සඤ්ඤානානත්වය පිණිස හේතු වන්නේය (සංයුක්ත නිකාය 2, 2006, p. 226). එනම් ඉන්ද්රිය ගෝචර නොයෙක් නොයෙක් බාහිර අරමුණු හේතුවෙන් ඊට අදාල වෙනස් වෙනස් සඤ්ඤාවන් (හඳුනාගැනීම්) ඇතිවේ.
මේ අනුව සිතිය හැක්කේ අවිද්‍යාවෙන් යුක්ත වුවද ප්‍රඥාවන්ත මිනිසුන් සිටින සමාජයක ඔවුන් විසින් ප්‍රඥා සම්පන්න ලෙස හඳුනාගත් ලෝකය විග්රහ කිරීමේදී සකස් වූ වචන බුදු රජුන් හට ධර්මය දේශනා කිරීමට යොදාගත හැකි වූ බවයි. එනම් ප්‍රඥාවෙහි අනුග්‍රහයෙන් යුතුව පරිණාමය වූ වාග් ව්‍යවහාරයන් නිසි ලෙස භාවිතා කරමින් දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන ශ්රාවකයා තුළ ප්‍රඥා සම්ප්‍රයුක්ත කුසල සඤ්ඤාවන් ඉපිදවිය හැකි බව සිතිය හැකිය.
අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවත්තිසිහනාද සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය වැනි සූත්‍ර වලත්, අපදානපාළිය, ජාතකපාළිය වැනි ත්‍රිපිටක ග්රන්ථ වලත් බුදුරජුන් පහළ වීමට පෙර දඹදිව මධ්‍යමණ්ඩලය ඇසුරු කරගත් ජන සමාජය පිළිබඳව නොයෙක් විස්තර සඳහන් වේ. එම විස්තරයන්හි මෙම මහා භද්‍ර කල්පයෙහි ගෞතම බුදුරජුන්ට පළමුව පහළ වූ බුදු රජාණන් වහන්සේලාගේ බුදු සසුන් පිළිබඳවද පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳවද නොයෙක් අභිඤ්ඤාවන් සාක්ෂාත් කළ සෘෂි වරුන් පිළිබඳවද තොරතුරු සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ කරුණක් වන්නේ එම සියළු බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රජාණන් වහන්සේලා හා සෘෂි වරුන් හිමාල පර්වත පෙදෙස ඇසුරු කරගත් දඹදිව මධ්‍යමණ්ඩලය පිහිටි ප්‍රදේශයෙහි වාසය කළ බවයි. එනම් පංච කාමයන් අත්හල “කිං කුසලගවේසී” (මජ්ඣිම නිකාය 1, 2006, p. 400) ලෙස හඳුන්වන විමුක්ති ගවේෂක ශ්‍රමණ සමාජයක් දඹදිව මධ්‍යමණ්ඩලය ඇසුරුකොට ඉතා දිගුකලක් තිස්සේ පැවති බවයි. එසේම මෙහි සත්‍යතාවය පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත සාධු වරයන් වාසය කරන ඉන්දියාව අදටත් සාක්ෂි දරයි. මෙම කරුණු මත පදනම්ව සිතිය හැක්කේ ලෝකයෙහි අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව දඹදිව මධ්‍යමණ්ඩලය පිහිටි සමාජයෙහි බිහිවූ භාෂාවන්හි සත්‍යාවබෝධය, භාවනාව, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය ආදී අධ්‍යාත්මික භාවයන් විග්රහ කිරීමට සුදුසු වචන බිහිවී ඇති බවයි. මේ අනුව ත්‍රිපිටක ධර්මයට අනුලොම් වූ සුවිශේෂී දෘෂ්ඨි කෝණයකින් බුදු රජුන් භාවිතා කළ භාෂාව පිළිබඳ අධ්‍යනය කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ පහළ වූ දඹදිව මධ්‍ය මණ්ඩලය ආශ්රිත ප්‍රදේශයේ බුදුරජුන් පහළ වීමටත් බොහෝ කලකට පෙර සිට වාසය කළ භාවනා යෝගී විමුක්ති ගවේෂක ශ්‍රමණ පිරිස් කාමයන්ගේ අදීනව නුවණින් දැක කාමයන් අත්හැර ධ්‍යාන වැඩූ අතර නොයෙක් ගැඹුරු සමාධි හා නොයෙක් අභිඤ්ඤාවන් පවා උපදවා ගත්හ. මෙබඳු විශේෂිත පුද්ගලයන්ගේ ප්‍රඥාව එම සමාජයෙහි භාවිතා වන භාෂාව පරිණාමය වීමට සෘජු ලෙස බලපෑමට ඇති බව සිතිය හැකිය. පාලි භාෂාවේ වචන නිර්මාණය වූ ආකාරය පිළිබඳව ත්‍රිපිටකයෙහි සඳහන් කරුණු ඔස්සේ සිදුකළ අධ්‍යනයක් ධර්මයෙහි ගැබ් වූ ගැඹුරු අරුත් වටහාගනු කැමැති ශ්රාවකයා හට තිබිය යුතුය.
ඉහත සඳහන් කාරණා සැලකීමේදී පාලි සූත්‍ර අධ්‍යනයේදී දාර්ශනික ඉගැන්වීම් වලට අමතරව අවධානය යොමු කළ යුතු වෙනත් සුවිශේෂී කරුණු රාශියක් තිබෙන බව දැකගත හැකිය.
ආශ්‍රේය ග්රන්ථ
අංගුත්තර නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
අංගුත්තර නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
අංගුත්තර නිකාය 5 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
ඛුද්දක නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
දීඝ නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
දීඝ නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
නෙත්තිප්රකරණය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
මජ්ඣිම නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
මජ්ඣිම නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
සංයුක්ත නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
සංයුක්ත නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
සංයුක්ත නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

82jl seems solid. I wouldn’t mind playing some rounds over there. Found something great on 82jl.
Yo folks, check out Appbetano, they have it all! Playing online is the best, try appbetano!!
Betanobetb. That’s my cup of tea! Having a grand old time, betting on the matches! Try out betanobetb yourself!
The slot library here is absolutely on fire with fresh releases every single week. I love how the bonus rounds trigger naturally and the payout tables are completely fair. My weekend session finally landed a solid hit on a classic theme and the cashout arrived without a single delay. Keep the momentum going. brfieryslots
Stepping into this lobby feels like a mini vacation from the daily routine. The table games have that authentic vibe and the dealers are incredibly patient. I also love how transparent the terms are on every offer. It makes my weekends so much more memorable. vulkanvegascasinoonline
Been playing here for a few weeks now and the experience just gets better each time. The game selection is diverse and the live dealers are super friendly. Everything runs smoothly even during peak hours. Really appreciate the consistent quality. inie7game
I just installed the app and the loading speed is impressive. Everything feels smooth and the games are top notch. Definitely check out topslot88apk if you want a seamless experience.
The graphics on this site are amazing and the slots are actually fair. I had a great run last night. You guys should really try dino69slot if you love the thrill.
The atmosphere of this casino is top notch. It really feels like a premium experience from the moment you sign up. Visit parkjilicasino today.
The jackpots here are insane! I had a lucky streak last night and the withdrawal was processed almost instantly. idbom88 is where the action is.
After trying dozens of similar sites I finally settled on this one because the attention to detail is noticeable. From the quick load times to the fair play certificates it just feels legit. My wife even joined me for a casual round and she loved how easy it is to navigate. casinou2u
Everything about this site is professional and user friendly. The games are fair and the rewards are real. Check out jilibet178casinologin
This is a solid choice for anyone looking for a stable gaming site. No lags and the withdrawals are processed surprisingly fast. ph89jili
Really great variety of options available. I spent hours exploring and everything is just seamless. pkbnb55 is absolutely legit.
Finally found an app that doesn’t lag. The registration was a breeze with no1jililoginapp. Super handy for gaming on the go.
Easy login and a very welcoming community. I love how straightforward everything is here. No hassle at all with pkkkclublogin
Had a massive win here last night and the payout was processed without any hassle. It’s hard to find reliable sites these days but phlwincasino is definitely one of them.
Super addictive gameplay and the graphics are top notch. It’s the perfect place to unwind and try your luck. ph111jili is where the action is.
Super easy access and the loading speed is impressive. I love how everything is organized, making it easy to find my favorite games. Great vibes over at 991jililink.
Honestly, the winning streaks I’ve had here are unbelievable. It is a legit platform and the withdrawal process is a breeze. Check out phjilibet88
Great variety of tables and slots. I’ve won a decent amount here and the process of getting my money out was seamless. You can’t go wrong with 200jilicasinologin.
Found this place through a friend and I am glad I did. The odds are competitive and the registration process was a breeze. I am sticking with krzxxbet for a while.
Great app performance and very stable connection. It is rare to find such a reliable platform these days. Give 09btapp a try if you want a stress-free experience.
The bonus offers are actually legit and not just bait. I managed to clear my first win quickly. Great experience so far with vnzss88.
Just had my first big win here and the withdrawal was processed almost instantly. Such a breeze. Go try br4444win!
Such a fun variety of games available here. I spent hours playing and the graphics are amazing. You guys should definitely try inyoyogame.
I love the competitive vibe here. The promotions are always fresh and the winning odds feel fair. Keep it up 90winbet90win
Finally found a site that actually has the games I was looking for. The interface is super intuitive and easy to navigate. Highly recommend pasar123slot to everyone.
Really loving the vibe here. The bonuses are generous and it feels like a fair place to play. I’m spending a lot of my free time on krwinkcwinkr these days
The login process is seamless and the site loads fast even on my mobile data. It makes betting so much easier. Give macaubetlogin a try!
I hit a decent jackpot here last week and the money hit my account almost instantly. This is where the real action is. Visit ph777richjili
The app version is a game changer. I can play on the go without any lag and the login is seamless. 18winpkrloginapp makes everything so much easier.
I was skeptical at first but the big wins are real here. The site is stable and doesn’t lag during peak hours. Big thumbs up for 389win55.
The variety of games available is impressive. I really appreciate how stable the platform is even during peak hours. Check out vnh13game if you want a reliable place to play.
The game selection here is just insane! I spent the whole night exploring the slots and the graphics are top notch. Highly recommend dewaslot888
Login process is super quick and the customer support is actually helpful. Really happy with the experience at bjbaji777login.
Easy access and no hassle at all. I appreciate how straightforward the site is without all the unnecessary clutter. jili988login is a winner.
Finally found a platform that actually delivers on its promises. The bonuses are generous and the gameplay is addictive. Just visit 1777xsgame to start winning.
This site is a hidden gem. The promotions are way better than the big name sites and the winning streaks are real. Check out inx666 for yourself.
Honestly, the game variety here is insane. I spent all weekend exploring the different slots on ze777game and I’m genuinely impressed by the graphics. Great vibes overall! ze777game
The graphics are amazing and the game mechanics are top notch. I spend a lot of my free time here now. Highly recommend playtimevicsottoapk to everyone
Just finished the setup and everything is running perfectly. The installation process was straightforward and the rewards are legit. Go get it at jl777download now.
Best betting odds I have come across in a long time. The market options are vast and the layout is very clean. I highly recommend brbetinacional to everyone.
The site is very responsive and the updates are frequent. It feels like they actually care about the user experience. Definitely check out br939bet46 if you want a reliable spot.